ස්ටීව් ජාෙබ්ස් සැටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාල දේශනය + කෙටි සටහන් 08 ක්

3/28/2015 10:21:00 PM Prageeth Liyanaarachchi 0 Comments




1891 වර්ෂයේ අැමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැටැන්ෆර්ඩ් නගරයේ අාරම්භ කළ සැටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ලොකයේ අතිශය සම්භාවනීය විශ්වවිද්‍යාලයක් වශයෙන් සැලකෙනවා. සැටැන්ෆර්ඩ්හි 114 වන උපාධි ප්‍රාධානෝත්සවය වෙනවෙන් Apple සහ PIXAR සමාගම්වල එවකට  ප්‍රධාන විධායක නිලධාරියාව සිටි ස්ටීව් ජොබ්ස් විසින් 2005 ජූනි මාසයේදි සිදුකළ දේශනය අතිශය විශේෂයි. 


ඒකට එක හේතුවක් තමයි ඒ දේශනය තුල අන්තර්ගත වෙලා තිබුන ස්ටීව් ජොබ්ස්ගේ අදහස්වල තිබුන වැදගත්බව, අනෙක් අතට ඔහු ඒ ඉදිරිපත් කළ අදහස්වල තිබුන අවංකභාවය. ස්ටීව් ජොබ්ස්ගේ ජීවිතයේ එතෙක් කලක් නිරාවරණය නොවී තිබුන බොහෝ දේවල් ජොබ්ස් මේ දේශනයේදි හෙළි කරනවා. 

මම හිතනවා මේ දේශනය සහ එහි වටපිටාව හොදින් තේරුම් ගන්න පහත කරුණ කිහිපය  වැදගත් වෙයි කියලා.


#1. Commencement Speeches

උපාධි ප්‍රධානෝත්සවයක ප්‍රධාන දේශනය නැත්නම් Commencement Address එක එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාලවල - විශේෂයෙන් සැටැන්ෆර්ඩ්, හාවර්ඩ් සහ මැසචුසේට්ස් වගේ සම්භාවනීය විශ්වවිද්‍යාලවල පැවත එන පැරණි සම්ප්‍රදායක්. ලෝකයේ පිළිගැනීමට ලක්වුන වැදගත් පුද්ගලයන් රාශියක් මේ වගේ දේශන පවත්වලා තියෙනවා. ඒක එක අතකින් දේශනය පවත්වන්නට අාරාධනා ලබන පුද්ගලයාටත් කෙරෙන ගෞරවයක්. සැටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සැලකුවොත් 2014 වර්ෂයේ මේ දේශනය සිදු කළේ බිල් ගේට්ස් සහ ඔහුගේ බිරිඳ මෙලින්ඩා ගේට්ස් දෙපල විසින්. 2008 වර්ෂයේ ඔපෙරා වින්ප්‍රී විසින් කළ 117 වන උපාධි ප්‍රධානෝත්සව දේශනය සහ 2010 වර්ෂයේදි එවකට එක්සත් ජාතීන්ගේ අැමරිකානු නිත්‍ය නියෝජිත සුසාන් E. රයිස් විසින් සිදු කළ 119 වන දේශනයත් සැටැන්ෆර්ඩ් ඉතිහාසයේ වගේම අැමරිකානු විශ්වවිද්‍යාල පද්ධතිය තුලම විශිෂ්ඨතම උපාධි ප්‍රධානොත්සව දේශන වශයෙන් සැලකෙනවා. මේ දේශන සියල්ල කියවීම හෝ නැරඹීම ස්ටැන්ෆර්ඩ් වෙබ් අඩවියෙන් කළ හැකියි.


#2. අැමරිකානු අධ්‍යාපන ක්‍රමය

අැමරිකානු අධ්‍යාපන පද්ධතිය බැලූ බැල්මට සංකීර්ණයි. නමුත් ඒක තේරුම් ගන්න පහසුයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සමග සන්සන්දනාත්මකව බැලුවොත්. 

ලංකාවේ දරුවෙකුගේ අධ්‍යාපනයේ අාරම්භය වන පෙර පාසල් අධ්‍යාපනය අැමරිකාවේදි සැලකෙන්නේ Kindergartens නමින්. ඉන් අනතුරුව ලංකාවේ තිබෙන ප්‍රාථමික අධ්‍යාපන මට්ටමට Elementary School වශයෙනුත් ද්විතීය මට්ටම High School වශයෙනුත් අැමරිකාවේදි සැලකෙනවා. High School මට්ටමේදි සමහර පාසල් Junior High school වශයෙනුත් Senior High school වශෙයනුත් සැලකෙනවා. මේක හරියට ලංකාවේ කනිටු විදුහල්, මහා විද්‍යාල සහ මධ්‍ය මහා විද්‍යාලවලට සමානයි. ලංකාවේ උසස් පෙළ ක්‍රමයට සමානව අැමරිකාවේ තිබෙන්නේ උසස් පාසල් ඩිප්ලෝමා කියන සුදුසුකම. ලංකාවේ උසස් පෙළ සමත් කියලා කියන සුදුසුකමට සමාන අැමරිකානු සුදුසුකම තමයි High School graduate. ඉන් අනතුරුව තිබෙන්නේ උසස් අධ්‍යාපන මට්ටම. මේකේ පළමු සුදුසුකම තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය. අැමරිකාවේදි එය බොහෝවිට හැඳන්වෙන්නේ University කියන නමින් නෙවෙයි College වශයෙන්. ඒ අනුව අැමරිකානු උපාධිධාරියෙක්ව හදුන්වන විදිය College graduate. ස්ටීව් ජාෙබ්ස් තමන්ගේ උසස් අධ්‍යාපනය සඳහා තාේරා ගන්න රීඩ් විද්‍යාලය 1908 වර්ෂයේ පිහිටවනු ලැබූ ප්‍රධාන පෙලේ විශ්වවිද්‍යාලයක්. 

#3. ව්‍යාාපරික ලෝකය තුල සාර්ථකත්වයට අධ්‍යාපනය අත්‍යවශ්‍යද?

ස්ටීව් ජොබ්ස් මුල් මාස කිහිපයෙන් පසුව තමන්ගේ උපාධි අධ්‍යාපනය අත්හැර දමනවා. මෙවැනි අය හැදින්වෙන්නේ College dropouts වශයෙන්. මම මේ කියන කාරණය බොහෝ දුරට සාකච්ඡාවට ලක් විය යුතු දෙයක්, නමුත් ව්‍යාපරික ලෝකයේ ප්‍රබලයන් සහ තාක්ෂණික නව නිර්මාණවේදීන් අතර දකින්න තිබෙන විශේෂම තත්ත්වයක් තමයි ඔවුන් බොහෝ දෙනෙක් College dropoutsලා වීම. හොඳම උදාහරණ දෙක තමයි බිල් ගේට්ස් සහ මාර්ක් සකර්බර්ග් - දෙන්නම හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය අාරම්භ කළ මුල් කාලයේදිම එය අත්හරිනවා.  මයික්‍රෝසොෆ්ට් සමාගමේ වර්තමාන ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් බැල්මර්ට සැටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිය අත්හැරලා මයික්‍රෝසොෆ්ට් එකට බැඳෙන්න පෙළඹවීම අැති කළේ තමන් බව බිල් ගේට්ස් නිතරම බොහෙම අාඩම්බරයෙන් සඳහන් කරපු දෙයක්. 

තවත් මේ වගේ උදාහරණ බෙහාෙමයක් තියෙනවා. ලෝව්රන්ස් එලයිසන්ස් - ඔරකල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, මයිකල් ඩෙල් - ඩෙල් පරිඝනක සමාගමේ සමාරම්භක, බෙන් අැෆ්ලෙක් - චිත්‍රපට රංගනය සදහා අැමරිකානු ඩොලර් මිලියන 15 කට වඩා අය කළ හැකි රංගන ශිල්පීන් අතලොස්සෙන් එක් කෙනෙක්, කොටින්ම ඉන්දියාවේ Reliance සමාගම් ජාලයේ සමාරම්භක දීරූභායී අම්බානි පවා College dropouts කෙනෙක්. සර්ජි බ්‍රින් සහ ලැරී පේජ් - ගූගල් නිර්මාතෘන් දෙදෙනා - උපාධිය සම්පූර්ණ කළ අය වුනත් තමන්ගේ අාචාර්ය උපාධිය සම්පූර්ණ කිරීම අතරමග අත්හැරිය අය. අනිත් අතින් ලංකාවේ නිපොලැක් මුදලාලි සහ නවලෝක මුදලාලි වගේ අය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් සහ හොඳ උපාධියක් සාර්ථක ජීවිතයක් සඳහා අත්‍යවශ්‍යයි කියන සම්ප්‍රදායික අදහස ව්‍යාපාරික ලෝකයට අදාළ නොවන බව තමයි පෙනෙන්නට තියන්නේ. 

#4. ස්ටීව් ජොබ්ස්ගේ පවුල් පසුබිම

ස්ටීව් ජාෙබ්ස් විසින් කළ සැටැන්ෆර්ඩ් දේශනය ඔහුගේ ජීවිතය සම්බන්ධයෙන් විශේෂිතයි. හේතුව ජොබ්ස් මේ දේශනයේදි එතෙක් තමන් විසින් ප්‍රසිද්ධියේ හෙළි නොකළ සිය ඉතිහාසය පිළිබඳ තොරතුරු මෙහිදි හෙලි කිරීම  සහ ඒ තුල ඔහු ගතකර තිබෙන්නේ කොයි තරම් ධෙෙර්ය සම්පන්න ජීවිතයක්ද කියන කාරණය අපට පැහැදිලි වීම. 

විශේෂයෙන් මේ දේශනය පවත්වන අවස්ථාව වෙනතෙක්ම ජොබ්ස් තමන්ගේ දෙමව්පියන් පිළිබඳ කතා කිරීම දැඩිව ප්‍රතික්ෂේප කළ කෙනක්. ඔහුගේ ජෙෙව විද්‍යාත්මක දෙමව්පියන් වුනේ ජොඅෑන් කැරාෙල් ෂීබල් නම් අැමරිකානු තරුණිය සහ අබ්දුල්පට්ඨා ජන්ඩාලි කියන සිරියානු සම්භවයක් සහිත පුද්ගලයා. ජන්ඩාලි ජොබ්ස්ගේ මව ඉගෙන ගත් විශ්වවිද්‍යාලයේ අාචාර්යවරයෙක්. ඔවුන් දෙදෙනා අතර පැවති සම්බන්ධයකින් අනතුරුව ජාෙඅෑන් ගැබ් ගන්නවා. දරුවෙකු හදා ගැනීමට තරම් ඒ වනවිට ජන්ඩාලිට අාර්ථික ස්ථාවරත්වයක් නොතිබූ නිසාත් ජාෙඅෑන් ඒ වනවිටත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටි නිසාත් මේ යුවළ තීරණය කරනවා ජොඅෑන්ට පිළිසිඳ ගත් දරුවා දරුකමට හදා ගැනීම සඳහා පවරන්නට. ඒ අනුව ක්ලාරා සහ පෝල් ජොබ්ස් කියන මධ්‍යම පාන්තික අැමරිකානු යුවළ ස්ටීව් ජොබ්ස්ගේ හදාවඩාගත් දෙමව්පියන් බවට පත්වෙනවා. තමන්ගේ ජෙෙව විද්‍යාත්මක මව සහ පියා පිළිබඳවත් ඔවුන් දෙදෙනා පසුව විවාහ වීමෙන් අනතුරුව බිහිවූ තමන්ගේ සොහෙයුරිය මෝනා සිම්ප්සන් පිළිබඳවත් ජොබ්ස් වයස 27 පමණ වනතුරුත් දැන නොසිටි බව සඳහන්. 

#5. ස්ටීව් ජොබ්ස් හට අැපල් සමාගමෙන් ඉවත් වන්නට සිදුවිම

1983 වර්ෂයේදි අැපල් සමාගමට නව ප්‍රධාන විධායක නිලධාරියෙක් සම්බන්ධ වෙනවා. ඔහු නමින් ජාේන් ස්කූල්ලී - අැපල් අායතනයට සම්බන්ධ වෙන්න කලින් ඔහු පෙප්සි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා. මේ බඳවා ගැනීම කරන්න ලොකුම වැඩ කොටස කරන්නේ ස්ටීව් ජාෙබ්ස්මයි. ඉහළ ලාභ ලබමින් සිටි පෙප්සි සමාගම අතහැරලා එවකට සාමාන්‍ය මට්ටමේ තිබුන අැපල් වෙත එන්න ස්කූල්ලී මුලින් අකැමති වුන බව කියවෙනවා. මෙතනදි ස්ටීව් ජොබ්ස් ජාේන් ස්කූල්ලීට කියපු කතාවක් පසු කාලෙක ලෝක ප්‍රසිද්ධ වෙනවා සහ ඒ කතාව ස්ටීව් ජොබ්ස්ට තමන් කරමින් සිටි කාර්යය පිළිබදව තිබුන දැක්මත් ඒකෙන් හෙලි වෙනවා. ඒ  "ඔබට අවශ්‍ය ජීවිත කාලේම පැණි බීම විකුණමින් ඉන්නද නැත්නම් මාත් එක්ක අැවිත් මේ ලෝකය වෙනස් කරන්නද?" (Do you want to sell sugared water for the rest of your life? Or do you want to come with me and change the world?) කියන ප්‍රකාශය.

ජාේන් ස්කූල්ලී අැපල්  සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් සම්බන්ධ වීමෙන් පසුව ඔහු සතු කළමණාකරණ හැකියාවන් භාවිතා කරලා අායතනය තුල දැවැන්ත වෙනස්කම් ගණනාවක්  සිදුකරනවා. ඒ වගේම අායතනය ඒ වනවිට පවත්වාගෙන ගිය Apple I සහ Macintosh පරිඝනකවල අලෙවිය වාර්තාගත ලෙස වැඩිකරන්නටත් ඔහු සමත් වෙනවා. පැහැදිලිවම ස්කූල්ලි දක්ෂ කළමණාකරුවෙක්. නමුත් ඒ වෙනකොට අැපල් අායතනයේ මැකින්ටොෂ් පරිඝනක අංශයේ සාමාන්‍යාධිකාරීවරයා (General Manager) වශයෙන් කටයුතු කළ ස්ටීව් ජොබ්ස් සැලකුනේ දක්ෂ නමුත් පිලිගත් පරිපාලන සම්මතයන්ට පටහැණි, අායතනික සම්පත් අනවශ්‍ය ලෙස වැයකළ, කරදරකාරයෙක් විදියට. ඔහු බොහා් විට Non-linear ඒ කියන්නේ අායතනික ධූරාවලි සහ සම්මතයන් නොතකා කටයුතු කළ, රාත්‍රී 12 ටත් රැස්වීම් කැඳවපු පුද්ගලයෙක්.

ස්ටීව් ජාෙබ්ස් විසින් නායකත්වය දරන ලද නිෂ්පාදක කණ්ඩායමක් විසින් මේ කාලයේ වෙළඳපලට නිකුත් කළ Lisa නමැති පරිඝනකය නිසා අායතනයට දැවැන්ත මූල්‍ය අලාභයක් සහ නරක නාමයක් ලැබෙනවා. මේ තත්ත්වය හමුවේ අැපල් අායතනයේ අධ්‍යක්ෂ මණඩලය ස්කූල්ලීට උපදෙස් දෙනවා ස්ටීව් ජාෙබ්ස්ව 'පාලනය' කරන්නට කටයුතු කරන ලෙස. ඕනෑම ප්‍රධාන විධායක නිලධාරියෙක් මෙවැනි තත්ත්වයකදි කරන දෙය ස්කූලි විසින් සිදු කරනවා - ඔහු ස්ටීව් ජොබ්ස් වෙත ලබා දී තිබුන අැතැම් බලතල සහ වරප්‍රසාද ඉවත් කර ජොබ්ස්ගේ ක්‍රියාකාරකම් පාලනය කරන්නට කටයුතු කරනවා. මේ තත්ත්වයට අනුගත වීම  උත්සාහ කිරීම වෙනුවට ජාෙබ්ස් කරන්නේ ස්කූල්ලී තනතුරෙන් ඉවත් කර දැමීමට සැලසුම් කිරීම. මේ බල අරගලය අනාවරණය කරගන්න ස්කූල්ලී වහාම අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවන්න කටයුතු කරනවා. මේ අවස්ථාවේදි ස්කූල්ලීගේ පාර්ශවය ගන්න අධ්‍යක්ෂ මණ්ඩලය ස්ටීව් ජොබ්ස් අායතනය  තුල දැරූ සියලු වගකීම්වලින් ඉවත් කරනවා. ඉන් සති කිහිපයකට පස්සේ ජොබ්ස් තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස්වෙලා තමන් විසින්ම ගොඩනගපු අායතනයට සමු දෙනවා. 

#6. තමන්ට අැපල් අායතනයෙන් ඉවත්වන්නට සිදුවීම ස්ටිව් ජොබ්ස් දුටු අාකාරය

අැපල් අායතනයෙන් ඉවත් වන්නට සිදුවීම  ස්ටීව් ජොබ්ස්ට හුදෙක් රැකියාව අහිමි වීමට වඩා වැඩි දෙයක් වුන බව පැහැදිලියි. තමන්ගේ දේශනයේ යම් තැනක ඔහු සඳහන් කරනවා ඒ විදියට අසාර්ථක වුනාට පසුව ඩේවිඩ් ෆැකාර්ඩ් සහ බොබ් නොයිස් යන දෙදෙනා හමුවී ඔවුන්ගෙන් සමාව ගන්නට තමන් කටයුතු කළ බව. මේ ඩේවිඩ් ෆැකාර්ඩ් කියන්නේ විලියම් හැව්ලට් සමග HP Computers අායතනය අාරම්භ කරන පුද්ගලයා. ලෝක තාක්ෂණික විප්ලවයට දැවැන්ත දායාදයන් එක් කළ උතුරු කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හෙවත් සිලිකන් නිම්නයේ (Silicon Valley) නගරාධිපති (The Mayor of Silicon Valley) නමින් හැඳන්වුන බොබ් නොයිස් ඉන්ටෙල් සමාගමේ සමාරම්භකවරයෙක්.



ස්ටීව් ජොබ්ස් මේ දෙදෙනාව වීරයන් ලෙසත් තමන්ගේ මාර්ගෝපදේශකයන් ලෙසත් සැලකුව බව සඳහන්. ඉතාම පැහැදිලිව ඔවුන් දෙදෙනාගන් පසුව තාක්ෂණික ව්‍යාපාර ලෝකයේ නායකත්වය දරන්නට ජාෙබ්ස් කල්පනා කරන්න අැති.  තමන්ට අැපල් අායතනයෙන් ඉවත් වන්නට සිදුවීම ගැන ඔහු "මට කලින් හිටිය ව්‍යාවසායකයන් පරම්පරාවක් වෙතින් මා වෙත පැවරුන විශාල වගකීමක් මගේ අතින් ගිලිහී ගියාක් වගේ මට දැනුනා. " යැයි සඳහන් කරන්නට අැත්තේ ඒනිසා. 


#7. අැපල් අායතනයෙන් ඉවත් විමෙන් පසුව ස්ටීව් ජොබ්ස්


තමන්ගේ දේශනය අතරතුර ස්ටීව් ජොබ්ස් සඳහන් කරනවා අැපල් අායතනයෙන් ඉවත් වන්නට සිදුවීම තමන්ගේ ජීවිතයේ සිදුවූ හොඳම දෙය වශයෙන්. ඒ කතාව සම්පූර්ණයෙන්ම අැත්ත. මොකද  ඒවනතුරු සිටිය ස්ටීව් ජොබ්ස් මේ  සිද්ධිය නිසා අාකල්පමය  අතින් සහ හැසිරීම අතින් දැවැන්ත වෙනසකට ලක් වෙනවා. අැපල් අායතනයෙන් ඉවත්වීම දක්වා ස්ටීව් ජොබස් අනම්‍ය, කරදරකාරී සහ අාත්මාර්ථකාමී පුද්ගලයෙක්. කොටින්ම 1983 කාලය වනවිට අැපල් අායතනයේ සභාපතිවරයාව සිටි මයික් මාර්ක්කූලා අායතනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට ස්ටීව් ජොබ්ස් පත් නොකර බාහිර පුද්ගලයෙක් ඒ සඳහා බඳවා ගන්න තීරණය කළේ එවැනි වගකීමක් දැරීමට තරම් ජාෙබ්ස් එවකට විනය  සහ සන්සුන් බව අතින් හොඳ මට්ටමක නොසිටීම නිසා බව කියවෙනවා.

අැපල් අායතනයෙන් ඉවත්වීමෙන් පසුව ගතවන කාලය තුල ඔහුගේ අනම්‍ය ස්වභාවය ඒතරම්ම වෙනස් වෙන්නේ නැහැ නමුත් ඔහු මිත්‍රශීලී සහ සෙසු පුද්ගලයන්ව තේරුම් ගන්නට උත්සාහ කරන සුවිශ්ෂ පුද්ගලයෙකු බවට පත්වෙනවා. 

අැපල් අායතනයෙන් ඉවත්වීමෙන් අනතුරුව PIXAR සමාගම අාරම්භ කරන්නට ඔහු කටයුතු කරන බව ඔහු කියනවා. නමුත් අැත්තටම වෙන්නේ PIXAR ඒ වෙනකොටත් Star Wars චිත්‍රපටිය නිර්මාණය කළ ජෝර්ජ් ලූකස්ගේ Lucasfilm චිත්‍රපටි සමාගම යටතේ ක්‍රියාත්මක වුන  ඒ සමාගමේ පරිඝනක අාශ්‍රිත සජීවීකරණ පර්යේෂණ අංශය. පසු කාලෙක ජෝර්ජ් ලූකස් ඉහත කී පර්යේෂණ අංශ්‍ය අැපල් සමාගමෙන් ඉවත්  වෙලා NeXT සමාගම ගොඩනගමින් සිටි ස්ටීව් ජොබ්ස් වෙත විකුණා දමනවා. 

ජෝර්ජ් ලූකස්ගේ කාලයේ සිටම PIXAR හි ප්‍රධානියාව සිටි අාචාර්ය එඩ්මන් කැට්මුල් විසින් රචනා කළ The  Creativity Inc. කියන පොතේ සඳහන් වෙනවා අාරම්භයේදි ස්ටීව් ජොබ්ස් කොයිතරම් කරදරකාරි සහ දරදඬු පුද්ගලයෙක් වුනාද කියන කාරණය. ඒ වගේම වයසින් පරිණතවීමත් සමග පසුව ක්‍රමිකව ඔහු වඩාත් යහපත් පුද්ගලයෙක් වුන අාකාරයත් ඒ පොතේ විස්තර වෙනවා. 


#8. ස්ටීව් ජොබ්ස්ගේ අාගමික පසුබිම


ස්ටීව් ජොබ්ස්ගේ ස්ටැන්ෆර්ඩ් දේශනයේ තිබෙන විශේෂත්වය තමයි මරණය සම්බන්ධයෙන් ඔහු දක්වන අදහස්. විශේෂයෙන් අද්‍යතන ක්‍රිස්තියානි අැමරිකා (Contemporary America) සංස්කෘතිය මරණය ගැන කතා කරන්නක් නෙවෙයි.  නමුත් ස්ටීව් ජාෙබ්ස් ඒ තත්ත්වයෙන් එහාට ගිහින් මරණය ගැන දාර්ශනිකව කතා කරනවා විතරක් නෙවයි, මැරෙණ මිනිසුන් වශයෙන් අල්පේච්ඡ ජීවිතයක් ගතකිරීමේ වැදගත්කමත් ඔහු විසින් පෙන්වා දෙනවා. ජාෙබ්ස් ප්‍රායෝගික බෞද්ධයෙකු වීම වෙනත් ලෙසකින් කියනවානම් ඔහු මහායාන බුදුදහම අාශ්‍රිතව වර්ධනය වුන සෙන් දහමේ අනුගාමිකයෙක් වීම මේ තත්ත්වයට බලපාන්නට අැති බවයි මම විශ්වාස කරන්නේ. 

1970 මුල් කාලයේ විතර ජොබ්ස් ඉන්දියාවේ සංචාරය කළ බවත් මේ ගමනේදි ඔහු හින්දු අාගම අැතුලු නොයෙක් අාගම් පිළිබඳ ගවේෂණය කළ බවත් සඳහන්. මේ පිළිබඳ විස්තරාත්මක ලිපියක් වරක් Business Insider වෙබ් අඩවියේ පළ වෙලා තිබුනා. 


ස්ටීව් ජොබ්ස්ගේ සැටැන්ෆර්ඩ් දේශනය අවස්ථා කිහිපයදිම සිංහලට පරිවර්තනය වෙලා තිබුනත් නැවත වරක් එය පරිවර්තනය කරන්නට මට අවශ්‍යවුනා. පහතින් ඒ පරිවර්තනය සහ සැටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ පළවූ දේශනයේ සටහනත් එක් කර තිබෙනවා.


සිංහල පරිවර්තනය

ලෝකයේ අතිශය විශිෂ්ඨ ගනයේ විශ්වවිද්‍යාලයක් තුළ ඔබ ඔබේ උපාධිය ලබා ගන්නා මේ අවස්ථාවේ ඔබත් සමග එක්වන්නට ලැබීම මට මහත් ගෞරවයක්. මම කිසිම දවසක විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබලා නැහැ. ඇත්තම කියන්න මේ තමයි මම විශ්වවිද්‍යාලයක උපාධි ප‍්‍රධානොත්සවයකට මේ තරම් ලඟට ආපු පළමුවැනි වතාව. අද මම මෙතෙන්ට ආවේ ඔබත් සමග මගේ ජීවිතේ යම් යම් අවස්ථාවන් පිළිබඳ කතා තුනක් පිළිබඳව බෙදා ගන්න. 
එච්චරයි, කතා 03 ක් ගැන විතරයි. ඊට වැඩිය මොනවත් නැහැ. 

පළමු කතාව ජීවිතයේ රටාවන් ගොඩනැගෙන ආකාරය ගැන


මම උසස් අධ්‍යාපනය හදාරන්න පටන් ගත්තේ රීඩ් විද්‍යාලයෙන්. නමුත් මුල් මාස 06 න් පස්සේ මම ඒකේ දේශනවලට සහභාගීවීම අත්හැරියා. ඊට පස්සේ මගේ විශ්වවිද්‍යාල ජීවිතය සම්පූර්ණයෙන්ම අත්හැර දමන්න පෙර මාස 18 ක් පමණ මම විශ්වවිද්‍යාලය තුල කාලය ගත කළා. ඇයි මම ඒ විදියට මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කර දැම්මේ? ඒක ඇත්තටම මම ඉපදෙන්නත් කලින් ඉදන්ම ආරම්භවුන දෙයක්. මගේ ජෙෙවවිද්‍යාත්මක මව එවකට අවිවාහක, ලාබාල විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. මාව මේ ලෝකයට බිහි කරන්නටත් කලින්ම ඇය තීරණය කර තිබුනා මාව වෙනත් කවුරුන් හෝ දෙමව්පිය දෙදෙනෙකුට දරුකමට හදා ගැනීමට පවරන්න. ඒ වගේම ඇය තදින්ම තීරණය කරලා තිබුනා මාව දෙන්නේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබූ මවකට හෝ පියෙකුට පමණයි කියලා. 


ඒ නිසා මම උපදින අවස්ථාව වෙනකොටත් වෘත්තීය නීතීඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ විසින් මාව දරුකමට හදා ගන්න නියමිතව තිබුනා. කොහොම වුනත්, මම ඉපදුනාට පස්සේ අවසාන මිනිත්තුවේදි ඔවුන් තමන්ගේ අදහස වෙනස් කරන්න තීරණය කරා. ඔවුන් තීරණය කරා ඔවුන්ට අවශ්‍ය ගැහැනු දරුවෙක් කියලා. ඊට පස්සේ සිදුවුනේ දරුවෙකු ගෙන හදා වඩා ගැනීමේ බලාපොරොත්තුවෙන් රෝහලේ පොරොත්තු ලේඛනයේ රැඳී සිටි මගේ වර්තමාන දෙමව්පියන් දෙදෙනාට මහ රෑ ලැබුන දුරකථන පණිවිඩයකින් මං ගැන දැනගන්නට ලැබීම. "පිරිමි දරුවෙක් ඉන්නවා එයාගේ අම්මා එයාව දරුකමට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා කැමතිද ඒ දරුවාව ගන්න?" රෝහලෙන් මගේ දෙමව්පියන්ව විමසලා තිබුනේ එහෙමයි. ඔවුන් ක්ෂණිකවට ඒ යෝජනාවට කැමති වෙලා තිබුනා. 


තරමක් කල් ගතවීමෙන් පසුව මගේ ජෛවවිද්‍යාත්මක මවට දැන ගන්නට ලැබුනා මා දරුකමට ගැනීමට තීරණය කළ මව කිසිදිනෙක විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් නොලැබූවෙක් බවත් පියා අවම වශයෙන් උසස් පාසලේ අධ්‍යාපනය හෝ නිසි ලෙස අවසන් කළ අයෙක් නොවූ බවත්. එය දැනගත් ඇය මාව අලුත් දෙමව්පියන්ට පවරන නීතිමය ලියවිලිවලට අත්සන් කිරීම එකහෙලාම ප‍්‍රතික්ෂේප කරා. ඇය මාව මගේ දෙමව්පියන්ට නීත්‍යානුකූලව පවරන්නට තීරණය කළේ ඉනුත් මාස කිහිපයකට පස්සේ, ඒ දිනෙක මා නොවැරදීම විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා යොමු කරන බව මගේ දෙමව්පියන් ඇයට පොරොන්දු වීමෙන් අනතුරුව. 


එයින් වසර 17 කට පස්සේ මම උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයකට ඇතුල්වුණා. නමුත් එතරම් දුරදිග කල්පනා නොකළ මම ඒ සඳහා තෝරාගත්තේ ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලය වැනිමවූ ඉතා වියදම් අධික විශ්වවිද්‍යාලයක්. මගේ මධ්‍යම පාන්තික දෙමව්පියන් ජීවිත කාලයක් පුරා උපයාගෙන තිබූ මුදල් සියල්ල මගේ මේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ගාස්තු වශයෙන් වැය වෙන්නට පටන් ගෙන තිබුනා. මාස 06 ක් ගතවීත් මට මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ කිසිම ප‍්‍රයෝජනවත්භාවයක් දැක ගන්නට හැකියාවක් තිබුනේ නැහැ. ජීවිතයේ මට යන්න ඕන කොතැනටද කියන එක සම්බන්ධයෙන් හෝ එය අවබෝධ කරගන්න මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය කොයි තරම් දුරට ප‍්‍රයෝජනවත් වෙයිද කියන එක සම්බන්ධයෙන් හෝ මට අදහසක් තිබ්බේ නැහැ. එහෙම තියෙද්දිත් මං විශ්වවිද්‍යාලයට වෙලා මගේ දෙමව්පියන් මහන්සියෙන් ඉපැයූ මුදල් ඒ වෙනුවෙන් වියදම් කරමින් සිටියා. 


ඒ නිසා මම තීරණය කරා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අත්හැර දමන්නටත් යම් දිනෙක සියල්ල හරියාවියැයි විශ්වාස කරමින් කටයුතු කරන්නටත්. ඒ දින කිහිපය අතිශය කටුක සහ අඳුරු දින කිහිපයක්. නමුත් අද ආපසු හැරී බලන විට මම හිතනවා එය මගේ ජීවිතයේ මා විසින් ගනු ලැබූ හොඳම තීරණයක්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරන්නට තීරණය කළ පසු මට හැකියාව ලැබුණා මා සහභාගී විය යුතුව තිබූ නමුත් මා එතරම් උනන්දුවක් නොදැක්වූ අනිවාර්ය දේශන වෙනුවට මා වඩාත් ආශා කළ වෙනත් දේශනවලට සහභාගී වෙන්නට. 


ඒක එතරම් මිහිරි අත්දැකීමක් වුනේ නැහැ. මට නේවාසිකාගාර පහසුකම් තිබුනේ නැහැ. ඒ නිසා මම කළේ කවුරුන්හෝ මිතුරෙක්ගේ කාමරයක බිම නිදාගන්න එක. ඒ කාලේ මම පාවිච්චි කර අවසන් කළ වීදුරු කොකා කෝලා බෝතල් එකතු කර වෙළඳ සැල් වෙත ගෙනියනවා. කොකා කෝලා බෝතලයක් මිලදී ගන්නකොට වීදුරු බෝතලය නැවත ගෙනැවිත් භාර දෙනකන් වෙළඳ සැලෙන් තියාගන්න තැන්පතු මුදල ලබාගෙන ඒකෙන් කෑම බීම ගන්න මම පුරුදු වෙලා හිටියා. හැම සෙනසුරාදාවකම රාතී‍්‍රයේ මම නගරයෙන් සැතපුම් 07 ක් විතර ඈතින් තිබුන හරී කි‍්‍රෂ්ණා කෝවිල වෙත ඇවිදගෙන යනවා දේව පූජාවට පසුව එතන නොමිලයේ දෙන කෑමවේල ලබා ගන්න. 


ඒ කාලෙට මම අද හරිම ආසයි. කුතුහලයෙන් සහ හිතුමතේ ඇවිදගෙන යද්දි මට මුණ ගැහුණ බොහෝ දේවල් පසු කාලෙක මට ලැබී තිබුන අතිශය වටිනා දේවල් බවට පත්වුනා. 


මම ඔබට එක උදාහරණයක් කියන්නම්. රීඩ් විද්‍යාලයේ තිබුනා එක්තරා පාඨමාලාවක් අක්ෂර නිර්මාණය (Calligraphy) පිළිබඳව. මම හිතන්නේ ඒක තමයි ඒ යුගයේ රටේ ඒ විෂය සම්බන්ධයෙන් තිබුන හොඳම පාඨමාලාව. විශ්වවිද්‍යාලයේ තැන තැන ඇලවුන ඕනෑම පෝසටරයක්, ලාච්චුවක හෝ ලොකර් එකක අලවා තිබුන ඕනෑම ලේබලයක් අතිශය සුන්දර විදියට නිර්මාණය කරපු අක්ෂර රටාවන්ගෙන් අලංකාර වෙලා තිබුනා. මම අනිවාර්ය දේශනවලින් ඉවත් වෙලා සිටිය නිසා මම තීරණය කරා මේ පාඨමාලාවට සහභාගී වෙන්න. මම ඒ පාඨමාලාවට සහභාගී වෙමින් Serif සහ San Serif අක්ෂර රටා දෙවර්ගය ගැන ඉගෙන ගත්තා, ඒ ඒ අක්ෂර රටාවන්වල අකුරු අතර ඉඩ ප‍්‍රමාණය වෙනස් කිරීම ගැනත් හොඳ අක්ෂර රටාවන් නිිර්මාණය කරන්නේ කොහොමද කියන එකත් මම එතැනදි ඉගෙන ගත්තා. ඒ විෂය හරිම සුන්දරයි, පැරණියි, කලාත්මකව ඉතාම සියුම්. ඒ කිසිවක් විද්‍යාවේ ග‍්‍රහණයට නතුවුන ඒවා නෙවෙයි. ඒක හරිම චිත්තාකර්ෂණීය විදියටයි මම දැක්කේ. 


ඒ අවස්ථාවේ මේ කිසිවක් මගේ ජීවිතයට ප‍්‍රායෝගිකව වැදගත් වුනේ නැහැ. නමුත් එයින් වසර 10 කට පස්සේ අපි පළමු මැකින්ටොෂ් පරිඝනකය නිර්මාණය කරද්දි මේ හැම දෙයක්ම ආපහු මගේ ජීවිතේට ඇදිලා ආවා. එදා ඉගෙන ගත්ත හැම දෙයක්ම මැක් පරිඝනකවලට එක් කරන්න මට අවශ්‍ය වුනා. පරිඝනක ඉතිහාසයේ එතරම් ආකර්ෂණීය අක්ෂර රටාවන් යොදා ගත් පළමුවැනි අවස්ථාව ඒක. මම කවදාවත් ඒ පාඨමාලාවට නොගියා නම් මැකින්ටොෂ් පරිඝනකවලට කිසිම දවසක එතරම් විවිධත්වයෙන් යුත් අක්ෂර මුහුණත් සහ සමානුපාතික දුරින් පිහිටවූ අකුරු රටාවන් එක් නොවෙන්න තිබුනා. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය වෙන්නේ මැකින්ටොෂ් පරිඝනකය අනුකරනය කරමින් නිසා ඒ පාඨමාලාව නොවන්නට කිසිම පරිඝනකයක මෙතරම් හොඳ අක්ෂර රටාවන් ඇතුලත් නොවෙනවා වෙන්නට තිබුනා. මම විශ්වවිද්‍යාල අනිවාර්ය දේශන අත් නොහැරියානම් කිසි දිනෙක මා අක්ෂර රටාවන් පිළිබඳ පාඨමාලාවට සහභාගී නොවන්නට තිබුනා. එසේ සහභාගී නොවුනා නම් අද පරිඝනකවල තිබෙන මේ අපූරු අක්ෂර රටාවන් කිසිදිනෙක පරිඝනකවලට එක් නොවන්නට ඉඩ තිබුනා. 


මේ රටාවන් එකිනෙකට යාවන ආකාරය මම එදා විශ්වවිද්‍යාලයේදී කවදාවත් දුටුවේ නැහැ. නමුත් අද, මගේ ජීවිතය දිහා ආපසු හැරී බලද්දි එය මුළුමනින්ම පැහැදිලියි. ඒ නිසා ඔබේ ජිවිතය තුළ ගොඩනැගෙන රටාවන් ඔබට පැහැදිලි වෙන්නේ ජීවිතයේ ඉදිරිය සොයන්නට වෙහෙසීමෙන් නෙවෙයි. මෙතෙක් ඔබ ආ දුර දෙස ආපසු හැරී බැලීමෙන්. යම් දිනෙක කුමන හෝ ආකාරයකින් නමුත් මේ රටාව අනිවාර්යයෙන්ම ගොඩනැගෙන බව ඔබ විශ්වාස කළ යුතුයි. ඔබ කිසියම්ම හෝ දෙයක මත - ඔබට හැඟෙන දේ, දෛවය, ජීවිතය හෝ කර්මය මේ මොනවාම හෝ දෙයක් තුළ ඔබේ විශ්වාසය තැබිය යුතුයි. 


මම එහෙමයි කළේ, මා සම්බන්ධයෙන් ඒ ක‍්‍රමය කිසිම දිනෙක අසාර්ථක වුනේ නැහැ, අද මගේ ජීවිතය තුල කොතරම්නම් වෙනසක් සිදුව තිබෙනවාද ඒ සියල්ල සිදුවුනේ මම අනුගමනය කළ ඒ ක‍්‍රමය නිසායි. 


මගේ දෙවැනි කතාව ආදරය සහ අහිමිවීම ගැන


මම වාසනාවන්ත පුද්ගලයෙක් - මගේ ජිවිතයේ ආදරය බවට පත්වුන දේ තරුණ කාලයේදිම මට ලැබුණා. වුස් (ස්ටීවන් ගැරී වුස්නියැක්) සහ මම මගේ දෙමව්පියන්ගේ ගෙදර ගරාජයේ ඇපල් සමාගම පටන් ගන්නකොට මගේ වයස අවුරුදු 20 යි. අපි ගොඩක් මහන්සිවෙලා වැඩ කළා. ඒ නිසාම අවුරුදු 10 ක් ඇතුළත ඇපල් සමාගම ගරාජයක අපි දෙන්නෙක්ගෙන් පටන් ගත්ත තත්ත්වයේ ඉදන් ඩොලර් බිලියන 2 ක වත්කම් සහිත සේවකයන් 4000 ක් ගැවසෙන ආයතනයක් බවට පත්වුනා. 


අපේ ඉතිහාසය තුල අපි කරපු විශිෂ්ඨතම නිර්මාණය - මැකින්ටොෂ් පරිඝනය වෙළඳපොලට නිකුත් කරලා වසරක් ගත වුනා විතරයි, යන්තම් මට වයස අවුරුදු 30 ලැබුවා විතරයි, ඊලඟට මාව ඒ ආයතනයෙන් ඉවත් කර දැම්මා. ඔබ විසින්ම ගොඩනැගුව ආයතනයකින් කොහොම ඔබව ඉවත් කර දැමෙන්නේ? 


ඇපල් සමාගම වේගයෙන් වර්ධනය වෙද්දි අපි ආයතනයට බඳවා ගත්තා කෙනෙක්ව - මම හිතුවේ ඒ පුද්ගලයා බොහොම හොඳ දක්ෂයෙක්, මාත් එක්ක මේ ආයතනය ඉදිරියට ගෙනි යන්න ඔහුට පුලුවන් වෙයි කියලා. අවුරුද්දක් විතර යනකන් ඇත්තටම ඒක ඒ විදියටම සිද්ධ වුනා. නමුත් ඊලඟට අපි දෙදෙනා අනාගතය ගැන විශ්වාස කරපු ආකාරය සහ ඒ පිළිබඳ අපේ අරමුණු අහසට පොලව වගේ වෙනස් වෙන්න පටන් ගත්තා. ක‍්‍රමිකව අපි දෙපැත්තකට විරසක වුනා. අපි විරසක වෙද්දි අපේ අධ්‍යක්ෂ මණ්ඩලය ගත්තේ ඔහුගේ පැත්ත. අන්තිමට වයස අවුරුදු 30 වෙද්දි මම ඒ ආයතනයෙන් එලියට ඇද වැටිලා ඉවරයි. 


හැමෝම ඒ බව දැක්කා. වැඩිහිටියෙක් වශයෙන් මගේ මුලු ජීවිතය පුරාම එකම අරමුණ බවට පත්ව තිබුන දෙය මගෙන් ඈත් වෙලා ගිහින් තිබුනා. ඒ අවස්ථාව අතිශය වේදනා සහගත එකක්වුනා. කළ යුත්තේ මොකද්ද කියන එක මාස ගණනක් යනකන්ම මට තේරුම් බේරුම් කරගන්න බැරිවුනා. දිවීමේ තරඟයකදී ඔබේ අතට එන බැටන් එක ඊලඟ මොහොතේ අතින් ගිලිහිලා ගියාම දැනෙනවා වගේ දෙයක් මට දැනුනා. මට කලින් හිටිය ව්‍යාවසායකයන් පරම්පරාවක් වෙතින් මා වෙත පැවරුන විශාල වගකීමක් මගේ අතින් ගිලිහී ගියාක් වගේ මට දැනුනා. ඩේවිඩ් ෆැකාර්ඩ් සහ බොබ් නොයිස්ව මුණ ගැහුන මම මේ දේවල් මේ තරම් අවුල් කරගැනීම ගැන සමාව ඉල්ලන්න උත්සාහ කරා. මගේ අසාර්ථකත්වය ප‍්‍රසිද්ධ දෙයක් බවට පත්වුනා, හැම දෙයකින්ම පැනලා යන්න පවා මට වරෙක අවශ්‍ය වුනා. 


නමුත් ඊලඟ මොහොතේ මම ඉතා වැදගත් කාරණයක් අවබෝධ කරගත්තා. ඇපල් සමාගම තුල මම ඒ මොහොතේ කරමින් සිටි සෑම කාර්යයකටම මම අසීමිතව ආදරය කරා, ඒ ආයතනයෙන් ඉවත් කරනු ලැබීම සහ ඒ තුල ඇතිවුන අනෙකුත් කිසිම සිදුවීමක් නිසා ඒ ආදරය වෙනස් වුනේ නැහැ, මාව ප‍්‍රතික්ෂේප වුනා තමයි, ඒත් මම තවමත් ඒ දේවලට ආදරය කළා. ඒනිසා මම තීරණය කරා නැවතත් හැමදේම මුල ඉඳන්ම පටන්ගන්න. ඒ කාලේ මට මේ විදියට හිතුනේ නැහැ නමුත් එදා මාව ඇපල් ආයතනයෙන් ඒ විදියට ඉවත් කිරීම ගැන අද මම කල්පනා කරන්නේ එය මගේ ජීවිතයට එදා මෙදා තුර සිදුවූ හොඳම දෙය වශයෙන් සලකලා. 


ඇපල් ආයතනය තුළ කටයුතු කිරීමෙන් අත්පත් කරගෙන තිබුන සාර්ථකත්වයේ පීඩනය වෙනුවට නැවත මුල පටන් යමක් ගොඩනගන්නෙකුගේ සිත තුල ඇතිවන සැහැල්ලුව මට ලැබුනා. එතැනින් පස්සේ ඇරඹුනේ මගේ ජීවිතයේ ඉතාමත්ම නිර්මාණශීලි වසර කිහිපයක්. ඊළඟ අවුරුදු 05 ඇතුළත මම NeXT සමාගම සහ PIXAR සමාගම ආරම්භ කරනවා. පසුකාලෙක මගේ බිරිඳ බවට පත්වුන අතිශය පුදුමාකාර ගැහැණිය සමග මම පෙමින් බැඳුනේ ඒ කාලයේ. PIXAR පසුව ලෝකයේ පළමු පරිඝනක සජීවීකරණ චිත‍්‍රපටිය Toy Story නිර්මාණය කරනවා. අද වෙනකොට PIXAR ලෝකයේ සාර්ථකම පරිඝනක සජීවීකරණ ආයතනය. විශ්වාස කරන්නත් තරමක් අපහසු සිදුවීම් මාලාවකින් පසුව ඇපල් සමාගම NeXT ආයතනය මිලදී ගන්නවා, එයින් මම නැවත ඇපල් වෙත යනවා. NeXT තුල අපි නිර්මාණය කළ තාක්ෂණයන් අද ඇපල් විසින් පුරා්ෙගාමීත්වය දරන තාක්ෂණික පුනරුදයේ හදවත බවට පත්වෙනවා. ඒත් එක්කම ලෝරීන් සහ මම අතිශය සුන්දර යුග ජිවීතයක් ආරම්භ කරනවා. 


මට සීයට සීයක් විශ්වාසයි එදා මාව ඇපල් වෙතින් ඉවත් කළේ නැත්නම් මේ කිසිම දෙයක් මගේ ජීවිතයට සිද්ධ වෙන්නේ නැහැ. ඒ බෙහෙත හරිම තිත්ත එකක්, හැබැයි ලෙඩේ සුවකරන්න ඒක අත්‍යවශ්‍යම වුනා. සමහර අවස්ථාවල් තියෙනවා ජීවිතේ ඔබට සිද්ධ වෙන දේවල් හරියට ලොකු ගඩොලකින් ඔලුවට හොඳ පාරක් ලැබෙනවා තරම් දරුණුයි. හැබැයි එහෙම වෙලාවටවත් ඔබේ විශ්වාසය අහිමි කරගන්න එපා. මම නිශ්චිතවම ඔබට කියනවා මා ඉදිරියට ගෙන ගිය එකම දෙය මා කරමින් සිටි කාර්යය වෙත මා දැක්වූ ආදරය බව. ඔබට එලෙස ආදරය කළ හැකි දෙය කුමක්ද කියන දේ ඔබ විසින් සොයා ගතයුතුයි. ඔබේ වෘත්තීය ජීවිතය සම්බන්ධයෙන් වගේම ඔබ ආදරය කරන්නන් සම්බන්ධයෙනුත් ඔබ කළ යුත්තේ එයයි. ඔබේ වෘත්තිය ඔබේ දෛනික ජීවිතයෙන් අතිශය විශාල පරාසයක් පුරා පැතිරෙනවා. එහෙම පැතිරුන අවස්ථාවට ඔබට ඔබ පිළිබඳවම තෘප්තිමත් විය හැකි එකම ක‍්‍රමය වඩාත් වැදගත් යැයි ඔබ විශ්වාස කරන කාර්යයක නියැලීම පමණයි. ඒ වගේම, ඔබ කරන කාර්යය වඩාත් වැදගත් යැයි විශ්වාස කළ හැකි එකම මාර්ගය එයට ආදරය කිරිම පමණයි. 


මගේ තුන්වැනි කතාව ජීවිතයේ අවසානය පිළිබඳව 


මට වයස අවුරුදු 17 දී පමණ කාලෙයේ එක්තරා දවසක මම කියවපු කිසියම් සටහනක සඳහන් වෙලා තිබුනා මෙන්න මේ වගේ දෙයක් "ජීවතයේ සෑම දවසක්ම ඔබ ජීවත් වෙන අවසාන දවස ගතකරන්නාක් මෙන් ජීවත්වුවහොත් යම් දිනෙක ඔබ සැබැවින්ම නිවැරදි වුන ඇත." මේ ප‍්‍රකාශය මගේ ජීවිතය සම්බන්ධයෙන් දවැන්ත බලපෑමක් කරා. එදා ඉඳන් අද දක්වා පසුගිය වසර 33 පුරාම සෑම දවසකම උදේ මම කණ්ණාඩිය ඉදිරිපිට සිටගන්නවා. මම මගේ දිහාම බලාගෙන අහනවා "මේ මම ජීවත් වෙන අන්තිම දවස නම් අද මම කරන්න හිතාගෙන ඉන්න දේවල් මම කරනවද ?" දින ගණනාවක් එක දිගට "නැහැ" කියන උත්තරය ලැබුන ගමන් මම තේරුම් ගන්නවා මම කරමින් සිටින කාර්යයක් වෙනස් කරන්න කාලය පැමිණ ඇති බව. 


මගේ ජීවිතයේ ගනු ලැබූ දැවැන්ත තීරණ හැම එකකදිම ඒ තීරණ ගන්න මට උපකාරී වුන ජීවිතයේ හමුවුන හොඳම ක‍්‍රමය මා ඉක්මනින් මේ ලෝකය හැරයන්නට නියමිත අයෙක් බව සිහි කිරීම. බාහිර බලාපොරොත්තු, ආඩම්බරකම්, ලැඡ්ජාවට පත්වීම හෝ අසාර්ථකවීමට ඇති බිය වගේ හැම දෙයක්ම මරණය ඉදිරිපිට නිකන්ම අතුරුදහන්ව යනවා, අතිශය වැදගත් කාරණා මොනවද එය පමණයි ඉන් අනතුරුව ඉතිරි වන්නේ. අහිමි වන්නට ඇති දේ ගැන වදවෙන්නට වීමේ උගුලෙන් ගැලවිය හැකි එකම ක‍්‍රමය ඔබ මියයන කෙනෙක් බව සිහිපත් කිරීම. ඔබ දැනටමත් ලෝකය ඉදිරියේ නිරාවරණය වූ මිනිසෙක්, ඒ නිසා ඔබේ හදවතට එකඟව ජීවත් නොවන්නට හේතුවන කිසිවක් නැහැ. 


මීට වසරකට පමණ ඉහතදී වෛද්‍ය පරීක්ෂණවලින් මා පිලිකා රෝගියෙකු බව අනාවරණය වුනා. මගේ අගන්‍යාංශය තුල පිලිකාකාරක ගැටිත්තක් (Tumor) වර්ධනය වී ඇති බව එදා උදෑසන 7.30 ට පමණ සිදු කළ පරීක්ෂණයෙන් පැහැදිලිවම තහවුරු කර තිබුනා. අගන්‍යාංශය කියන්නේ මොකක්ද කියලාවත් මම ඒ මොහොතේ දැනගෙන හිටියේ නැහැ. වෛද්‍යවරු මට වැළදී තිබුන පිලිකාව සුවකළ නොහැකි ගණයේ එකක බව මට පැහැදිලි කරලා දුන්නා,තවත් මාස 3 ත් 6 ත් අතර කාලයකට වඩා ජිවත් වීමට මට ඉඩ නොලැබෙන බවත් ඔවුන් පැහැදිලි කළා. 


මගේ වෛද්‍යවරයා මට උපදෙස් දුන්නා රෝහලෙන් පිටවෙලා නිවෙස වෙත ගොස් අත්‍යවශ්‍ය කාරණා පිළිවෙලක් කරන්නට කටයුතු කරන ලෙස - ඒ තමයි මියයන්නට සූදානම් වෙන්න කියලා වෛද්‍යවරු කියන විදිය. ඒකේ තේරුම ඔබේ දරුවන්ට ඊලඟ වසර 10 ක කාලයක් පුරාවට කියන්න හිතේ රඳවගෙන හිටිය දේවල් මාස කිහිපයකින් කියලා දාන්න කියනවා වගේ, ඔබේ පවුලේ ආදරණීයයන්ට වැඩි අපහසුවක් නොවන විදියට හැම දේම සූදානම් කරලා අවසන් කරන්න කියන එකයි ඒකේ තේරුම, ඒකේ තේරුම හැමෝගෙන්ම සමුගන්න කියන එකයි. 


මගේ රෝග තත්ත්වය ගැන දවස පුරාම නිශ්චයකිරීම් සිදුවුනා. හවස් වරුවේ වෛද්‍යවරු මගේ ශරීරයේ පටක පරීක්ෂණයක් (Biopsy) සිදුකිරීමට කටයුතු කළා - ඔවුන් මගේ උගුර තුලින් ශරීරයේ අභ්‍යන්තරය පරීක්ෂා කරන එන්ඩෝස්කෝප් උපකරණයක් ඇතුල් කරලා ඉන් අනතුරුව එයින් අගන්‍යාංශයේ වර්ධනයවී තබුන ගැටිත්තෙන් සෙෙල කොටසක් ඉවත් කරගත්තා. මම වැඩි කලබලයක් නැතිව නිසලව හිටියා. නමුත් පසුව මා අසලට පැමිණි මගේ බිරිඳ මගෙන් ලබාගත් සෙෙල පරීක්ෂා කළ වෛද්‍යවරයා මට වැළඳී තිබුනේ ඉතා දුර්ලභ ගණයේ අගන්‍යාංශගත පිලිකා තත්ත්වයක් බව අවබෝධ කරගත් මොහොතේ කඳුළු සලන්නට වූ බවත් ශෛල්‍යකර්මයකින් මගේ පිලිකාව සුව කළ හැකියැයි ඔවුන් විශ්වාස කරන බවත් මට කිව්වා. 


පසු අවස්ථාවක මම ඒ ශෛල්‍යකර්මයට මුහුණ දීලා මට වැළඳී තිබුනු පිලිකාවෙන් සම්පූර්ණ සුවය ලැබුවා. 


ඒ තමයි මා මරණයට එතරම් සමීපවූ පළමු අවස්ථාව. මම බලාපොරොත්තු වෙනවා ඊලඟ දශක කිහිපය අවසන් වන තුරුත් මා නැවත මරණයට එපමණ සමීප නොවේවි කියලා. මරණය තුලින් ජීවත් වීමෙන් අනතුරුව මට දැන් පෙරට වඩා විශ්වාසයෙන් යුතුව කියන්න පුලූවන් එය මගේ ජිවිතයට ප‍්‍රයෝජනවත් වුන බුද්ධිමය සංකල්පයක් බව.  

කවුරුවත් කැමති නැහැ මැරෙන්න. සමහරු කැමතියි දිව්‍ය ලෝකයට යන්න, එහෙම තියෙද්දිත් ඔවුන් කැමති නැහැ මියයන්න. අපි අකමැති වුනත් මරණය කියන්නේ අපි හැමෝටම පොදු එකම ගමනාන්තය. කිසිම දිනෙක කිසිම කෙනක් මරණයෙන් ගැලවිලා යන්න සමත් වෙලා නැහැ, මරණය කියන්නේ ජීවිතය තුල තිබෙන හොඳම නිර්මාණය. එය ජීවිතයට වෙනසක් ගෙන එන සාධකය. මරණය විසින් පැරණි දේ ඉවත්කර නව්‍යත්වය වෙනුවෙන් ඉඩහසර නිර්මාණය කරනවා. මේ මොහොතේ ඔබ තමයි නව්‍යත්වය, නමුත් වැඩිකල් නොගොස්ම දවසක ඔබත් පරණවී ඉවත් කර දැමේවි. මෙතරම් අමුතු විදියට කතා කිරීම ගැන සමාවෙන්න, නමුත් ඔබ දැනගත යුතුයි සත්‍යය එය බව. 

ඔබට ලැබී තිබෙන කාලය අතිශය සීමාසහිතයි. ඒ සීමාසහිත කාලය වෙනත් අයෙකු අනුකරනය කරමින් ජීවත් වීමෙන් නාස්ති කර දමන්න එපා. අන් අයගේ අදහස් මත ජීවත්වීම නවතා දමන්න. අනෙක් අයගේ ආකල්පවලට ඔබගේ ඇතුලාන්තයේ නැගෙන සිතිවිලි යටපත් කර දමන්නට ඉඩ නොතබන්න. ඔබගේ හදවත සහ එයින් නැගෙන හඬට විසින් පෙන්වා දෙන මාර්ගයේ ගමන් කරන්නට අවශ්‍ය ශක්තිය ඔබ තුඩ ගොඩනගාගැනීම තමයි අත්‍යවශ්‍යම දෙය. ඔබේ හිතත් එයින් නැගෙන හඬත් ඔබ තුල පවතින සැබෑ අභිප‍්‍රාය කිසියම්ම හෝ විදියකින් දැනටමත් හඳුනාගෙන අවසන්. ඒ නිසා අනෙකුත් හැමදෙයකටම වැදගත්බව අතින් හිමිවෙන්නේ දෙවැනි තැන. 


මගේ තරුණ කාලයේ මට කියවන්නට ලැබුණ බොහොම අපූරු සඟරාවක් තිබුනා "Whole Earth Catalog" නමින්. ඒක අපේ පරම්පරාවේ අයට බයිබලයක් වගේ. මේ සඟරාව නිර්මාණය කළේ මේ ලඟ තිබෙන මෙන්ලෝ පාර්ක් පළාතේ ජීවත්වුන ස්ටුවර්ට් බ‍්‍රෑන්ඩ් කියන පුද්ගලයා. බ‍්‍රෑන්ඩ්ට පුලුවන් වුනා මේ ප‍්‍රකාශනය එයාගේ කලාත්මක හැකියාවන් එක් කරමින් නිර්මාණය කරන්න. මේ සඟරාව මුලින්ම නිකුත් වුනේ 1960 දශකයේ අගභාගයේදී වගේ, මේ කාලය වෙනකොට පුද්ගලික පරිඝනකවත් පරිඝනක ආශි‍්‍රත ග‍්‍රැෆික්කරණයවත් අවම වශයෙන් භාවිතයට පැමිණිලා හෝ තිබුනේ නැහැ. ඒ නිසා මුලු සඟරාවම නිර්මාණය වුනේ ටයිප්රයිටර්, කතුරු සහ පොලරොයිඞ් කැමරා භාවිතයෙන්. ඒක හරියට ගූගල් වෙබ් අඩවිය බිහිවෙන්න වසර 35 කට පමණ පෙර පොත් පිටුවලින් නිර්මාණය වුන ගූගල් එකක් වගේ. එය ඉතාම හොඳ නිර්මාණයක් ඒ වගේම ඒක අලංකාරවත්ව ඉදිරිපත් කර තිබුන විවිධ ක‍්‍රම සහ සංකල්පනාවන්ගෙන් පිරිලා තිබුනා. 


ස්ටුවර්ට් සහ එයාගේ කණ්ඩායම මේ සඟරාවේ කලාප කිහිපයක් දිගටම නිකුත් කරා. කාලය ගත වීමෙන් පස්සේ ඔවුන් තීරණය කරලා තිබුනා සඟරාවේ අවසාන කලාපය නිකුත් කරන්නට. ඒ 1970 දශකයේ මැද භාගයේ, මම එතකොට ඔබේ වයසේ තරුණයෙක්. මේ අවසන් කලාපයේ පසුපස පිටුවේ ඔවුන් පළ කර තිබුනා උදෑසනක ගනු ලැබුව ගම්බද පාරක ඡුායරූපයක්. ඒක බාධක තරණය කරමින් දිර්ඝ ගමනක යෙදෙන්න ඔබ තෝරාගන්න ඉඩ තිබෙන ආකරයේ පාරක්. මේ ඡායාරූපයට යටින් කුඩා වාක්‍යයක් සඳහන් වෙලා තිබුනා - "දැනුම සඳහා ජීවත් වන්න කිසිවක්ම නොදන්නෙකු මෙන් දැනුම සෙයා යන්න" (Stay Hungry Stay Foolish) ඒක තමයි ඒ සඟරාවේ අවසානයත් සමග දුන්න සමුගැනීමේ පණිවඩය. දැනුම සඳහා ජීවත් වන්න කිසිවක්ම නොදන්නෙකු මෙන් දැනුම සෙයා යන්න. 


එය හැමවිටම මගේ ජීවිතයේ එක්තරා බලාපොරොත්තුවක් බවට පත්වුනා. අද උපාධිය ලබන්මින් ජීවිතයේ නව පරිච්ජේදයක් ආරම්භ කරන ඔබ වෙනුවෙන් මම ඒ බලාපොරොත්තුවම එකතු කරනවා. දැනුම සඳහා ජීවත් වන්න, කිසිවක්ම නොදන්නෙකු මෙන් දැනුම සෙයා යන්න. 


ඔබ සියලු දෙනාටම ස්තූතියි.


Read Sinhala translation

මුල් පිටපත
I am honored to be with you today at your commencement from one of the finest universities in the world. I never graduated from college. Truth be told, this is the closest I've ever gotten to a college graduation. Today I want to tell you three stories from my life. That's it. No big deal. Just three stories.

The first story is about connecting the dots.

I dropped out of Reed College after the first 6 months, but then stayed around as a drop-in for another 18 months or so before I really quit. So why did I drop out?

It started before I was born. My biological mother was a young, unwed college graduate student, and she decided to put me up for adoption. She felt very strongly that I should be adopted by college graduates, so everything was all set for me to be adopted at birth by a lawyer and his wife. Except that when I popped out they decided at the last minute that they really wanted a girl. So my parents, who were on a waiting list, got a call in the middle of the night asking: "We have an unexpected baby boy; do you want him?" They said: "Of course." My biological mother later found out that my mother had never graduated from college and that my father had never graduated from high school. She refused to sign the final adoption papers. She only relented a few months later when my parents promised that I would someday go to college.

And 17 years later I did go to college. But I naively chose a college that was almost as expensive as Stanford, and all of my working-class parents' savings were being spent on my college tuition. After six months, I couldn't see the value in it. I had no idea what I wanted to do with my life and no idea how college was going to help me figure it out. And here I was spending all of the money my parents had saved their entire life. So I decided to drop out and trust that it would all work out OK. It was pretty scary at the time, but looking back it was one of the best decisions I ever made. The minute I dropped out I could stop taking the required classes that didn't interest me, and begin dropping in on the ones that looked interesting.

It wasn't all romantic. I didn't have a dorm room, so I slept on the floor in friends' rooms, I returned coke bottles for the 5¢ deposits to buy food with, and I would walk the 7 miles across town every Sunday night to get one good meal a week at the Hare Krishna temple. I loved it. And much of what I stumbled into by following my curiosity and intuition turned out to be priceless later on. Let me give you one example:

Reed College at that time offered perhaps the best calligraphy instruction in the country. Throughout the campus every poster, every label on every drawer, was beautifully hand calligraphed. Because I had dropped out and didn't have to take the normal classes, I decided to take a calligraphy class to learn how to do this. I learned about serif and san serif typefaces, about varying the amount of space between different letter combinations, about what makes great typography great. It was beautiful, historical, artistically subtle in a way that science can't capture, and I found it fascinating.

None of this had even a hope of any practical application in my life. But ten years later, when we were designing the first Macintosh computer, it all came back to me. And we designed it all into the Mac. It was the first computer with beautiful typography. If I had never dropped in on that single course in college, the Mac would have never had multiple typefaces or proportionally spaced fonts. And since Windows just copied the Mac, it's likely that no personal computer would have them. If I had never dropped out, I would have never dropped in on this calligraphy class, and personal computers might not have the wonderful typography that they do. Of course it was impossible to connect the dots looking forward when I was in college. But it was very, very clear looking backwards ten years later.

Again, you can't connect the dots looking forward; you can only connect them looking backwards. So you have to trust that the dots will somehow connect in your future. You have to trust in something — your gut, destiny, life, karma, whatever. This approach has never let me down, and it has made all the difference in my life.

My second story is about love and loss.

I was lucky — I found what I loved to do early in life. Woz and I started Apple in my parents garage when I was 20. We worked hard, and in 10 years Apple had grown from just the two of us in a garage into a $2 billion company with over 4000 employees. We had just released our finest creation — the Macintosh — a year earlier, and I had just turned 30. And then I got fired. How can you get fired from a company you started? Well, as Apple grew we hired someone who I thought was very talented to run the company with me, and for the first year or so things went well. But then our visions of the future began to diverge and eventually we had a falling out. When we did, our Board of Directors sided with him. So at 30 I was out. And very publicly out. What had been the focus of my entire adult life was gone, and it was devastating.

I really didn't know what to do for a few months. I felt that I had let the previous generation of entrepreneurs down - that I had dropped the baton as it was being passed to me. I met with David Packard and Bob Noyce and tried to apologize for screwing up so badly. I was a very public failure, and I even thought about running away from the valley. But something slowly began to dawn on me — I still loved what I did. The turn of events at Apple had not changed that one bit. I had been rejected, but I was still in love. And so I decided to start over.

I didn't see it then, but it turned out that getting fired from Apple was the best thing that could have ever happened to me. The heaviness of being successful was replaced by the lightness of being a beginner again, less sure about everything. It freed me to enter one of the most creative periods of my life.

During the next five years, I started a company named NeXT, another company named Pixar, and fell in love with an amazing woman who would become my wife. Pixar went on to create the worlds first computer animated feature film, Toy Story, and is now the most successful animation studio in the world. In a remarkable turn of events, Apple bought NeXT, I returned to Apple, and the technology we developed at NeXT is at the heart of Apple's current renaissance. And Laurene and I have a wonderful family together.

I'm pretty sure none of this would have happened if I hadn't been fired from Apple. It was awful tasting medicine, but I guess the patient needed it. Sometimes life hits you in the head with a brick. Don't lose faith. I'm convinced that the only thing that kept me going was that I loved what I did. You've got to find what you love. And that is as true for your work as it is for your lovers. Your work is going to fill a large part of your life, and the only way to be truly satisfied is to do what you believe is great work. And the only way to do great work is to love what you do. If you haven't found it yet, keep looking. Don't settle. As with all matters of the heart, you'll know when you find it. And, like any great relationship, it just gets better and better as the years roll on. So keep looking until you find it. Don't settle.

My third story is about death.

When I was 17, I read a quote that went something like: "If you live each day as if it was your last, someday you'll most certainly be right." It made an impression on me, and since then, for the past 33 years, I have looked in the mirror every morning and asked myself: "If today were the last day of my life, would I want to do what I am about to do today?" And whenever the answer has been "No" for too many days in a row, I know I need to change something.

Remembering that I'll be dead soon is the most important tool I've ever encountered to help me make the big choices in life. Because almost everything — all external expectations, all pride, all fear of embarrassment or failure - these things just fall away in the face of death, leaving only what is truly important. Remembering that you are going to die is the best way I know to avoid the trap of thinking you have something to lose. You are already naked. There is no reason not to follow your heart.

About a year ago I was diagnosed with cancer. I had a scan at 7:30 in the morning, and it clearly showed a tumor on my pancreas. I didn't even know what a pancreas was. The doctors told me this was almost certainly a type of cancer that is incurable, and that I should expect to live no longer than three to six months. My doctor advised me to go home and get my affairs in order, which is doctor's code for prepare to die. It means to try to tell your kids everything you thought you'd have the next 10 years to tell them in just a few months. It means to make sure everything is buttoned up so that it will be as easy as possible for your family. It means to say your goodbyes.

I lived with that diagnosis all day. Later that evening I had a biopsy, where they stuck an endoscope down my throat, through my stomach and into my intestines, put a needle into my pancreas and got a few cells from the tumor. I was sedated, but my wife, who was there, told me that when they viewed the cells under a microscope the doctors started crying because it turned out to be a very rare form of pancreatic cancer that is curable with surgery. I had the surgery and I'm fine now.

This was the closest I've been to facing death, and I hope it's the closest I get for a few more decades. Having lived through it, I can now say this to you with a bit more certainty than when death was a useful but purely intellectual concept:

No one wants to die. Even people who want to go to heaven don't want to die to get there. And yet death is the destination we all share. No one has ever escaped it. And that is as it should be, because Death is very likely the single best invention of Life. It is Life's change agent. It clears out the old to make way for the new. Right now the new is you, but someday not too long from now, you will gradually become the old and be cleared away. Sorry to be so dramatic, but it is quite true.

Your time is limited, so don't waste it living someone else's life. Don't be trapped by dogma — which is living with the results of other people's thinking. Don't let the noise of others' opinions drown out your own inner voice. And most important, have the courage to follow your heart and intuition. They somehow already know what you truly want to become. Everything else is secondary.

When I was young, there was an amazing publication called The Whole Earth Catalog, which was one of the bibles of my generation. It was created by a fellow named Stewart Brand not far from here in Menlo Park, and he brought it to life with his poetic touch. This was in the late 1960's, before personal computers and desktop publishing, so it was all made with typewriters, scissors, and polaroid cameras. It was sort of like Google in paperback form, 35 years before Google came along: it was idealistic, and overflowing with neat tools and great notions.

Stewart and his team put out several issues of The Whole Earth Catalog, and then when it had run its course, they put out a final issue. It was the mid-1970s, and I was your age. On the back cover of their final issue was a photograph of an early morning country road, the kind you might find yourself hitchhiking on if you were so adventurous. Beneath it were the words: "Stay Hungry. Stay Foolish." It was their farewell message as they signed off. Stay Hungry. Stay Foolish. And I have always wished that for myself. And now, as you graduate to begin anew, I wish that for you.

Stay Hungry. Stay Foolish.

Thank you all very much.

Read English transcription

0 comments: