මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට ගෙනියන්න පුලුවන් ද?
ලංකා ඉතිහාසයේ විතරක් නෙවෙයි ලෝකයේ ව්‍යවස්ථාදායක සභා ඉතිහාසයේවත් මේ තාක් අපිට අහන්න දකින්න නොලැබුන විදියේ සිදුවීමක් තමයි පසුගිය 20 සහ 21 දවස් දෙකේදි ලංකා පාර්ලිමේන්තුවේ සිද්ධ වුනේ. අපි පාර්ලිමේන්තුවට පත්කරලා යවලා තියෙන්නේ මොන වගේ විගඩම්කාරයෝ ටිකක්ද කියන එක ඊයේ තරම් හොඳට දැනුනේ තේරුනේ නෑ කවදාවත්.
හිටපු ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණ සමයේදි තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාට කැබිනට් අැමතිකමක් දීම අල්ලස් වරදක් වශයෙන් ගැනීම තමයි මේ සියලු කාරණාවලට මුල. කට්ටියක් මේ විදියට පාර්ලිමේන්තුවේ උපවාස කරද්දි තවත් පිරිසක් ෆේස්බුක් එකෙන් තර්ක කරනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාර්ශවයෙන් ඉදිරිපත්වන ප්‍රධානම තර්කය තමයි කුණුහරප. ඔව් ඒ හැරුනම කිහිප දෙනෙක් විතරක් තර්කයක් වශයෙන් ඉදිරිපත් කරනවා ජනාධිපතිවරයෙක් අධිකරණයක් හෝ වෙනයම් විනිශ්චය සභාවක් ඉදිරියට කැඳවන්න බැහැ කියන විධායකයේ මුක්තිය පිළිබඳ ප්‍රතිපාදනය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ෆේස්බුක් එකේ අැදිලා ගිය පොඩි පහේ වාදයකට මාත් පැටලුනා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ මං ඉදිරිපත් කළ කරුණූ කිහිපයක් වඩාත් පිළිවෙලට සකස් කරලා කරන ඉදිරිපත්කිරීමක්.
මුක්තිය පිළිබඳ සංකල්පය (Doctrine of Immunity) වර්ධනය වෙන්නේ Crown Immunity එහෙමත් නැත්නම් රාජාණ්ඩු පාලනතන්ත්‍රයන් තුල කිරීටයට හිමිවන නිදහස හරහා. මේ රාජාණ්ඩු පාලනයන් තුල තිබුන විශේෂත්වය තමයි ඒවායේ අධිකරණ පද්ධතිය කිරීටය විසින්ම යටත් වැසියන් පාලනය කිරීම සඳහා ස්ථාපිත කරලා පවත්වාගෙන ගිය අායතන වීම. කිරීටය විසින් නිර්මාණය කළ මේ අධිකරණ පස්සෙන්පහු ලොකු උභතෝකෝටිකයකට මුහුණ දුන්නා කිරීටය - එහෙමත් නැත්නම් රජු හෝ රැජින වරදක් කරොත් මොකද කරන්නෙ කියලා.
හිටපු ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණ සමයේදි තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාට කැබිනට් අැමතිකමක් දීම අල්ලස් වරදක් වශයෙන් ගැනීම තමයි මේ සියලු කාරණාවලට මුල. කට්ටියක් මේ විදියට පාර්ලිමේන්තුවේ උපවාස කරද්දි තවත් පිරිසක් ෆේස්බුක් එකෙන් තර්ක කරනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාර්ශවයෙන් ඉදිරිපත්වන ප්‍රධානම තර්කය තමයි කුණුහරප. ඔව් ඒ හැරුනම කිහිප දෙනෙක් විතරක් තර්කයක් වශයෙන් ඉදිරිපත් කරනවා ජනාධිපතිවරයෙක් අධිකරණයක් හෝ වෙනයම් විනිශ්චය සභාවක් ඉදිරියට කැඳවන්න බැහැ කියන විධායකයේ මුක්තිය පිළිබඳ ප්‍රතිපාදනය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ෆේස්බුක් එකේ අැදිලා ගිය පොඩි පහේ වාදයකට මාත් පැටලුනා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ මං ඉදිරිපත් කළ කරුණූ කිහිපයක් වඩාත් පිළිවෙලට සකස් කරලා කරන ඉදිරිපත්කිරීමක්.
මුක්තිය පිළිබඳ සංකල්පය (Doctrine of Immunity) වර්ධනය වෙන්නේ Crown Immunity එහෙමත් නැත්නම් රාජාණ්ඩු පාලනතන්ත්‍රයන් තුල කිරීටයට හිමිවන නිදහස හරහා. මේ රාජාණ්ඩු පාලනයන් තුල තිබුන විශේෂත්වය තමයි ඒවායේ අධිකරණ පද්ධතිය කිරීටය විසින්ම යටත් වැසියන් පාලනය කිරීම සඳහා ස්ථාපිත කරලා පවත්වාගෙන ගිය අායතන වීම. කිරීටය විසින් නිර්මාණය කළ මේ අධිකරණ පස්සෙන්පහු ලොකු උභතෝකෝටිකයකට මුහුණ දුන්නා කිරීටය - එහෙමත් නැත්නම් රජු හෝ රැජින වරදක් කරොත් මොකද කරන්නෙ කියලා.
මුල් කාලීන රාජණ්ඩු පාලනයන් තුල කිරීටයට තිබුන අසීමිත බලතල නිසා රජු හෝ රැජින සිවිල් හෝ අපරාධ වරදක් සම්බන්ධයෙන් අධිකරණයට කැඳවීම නිසැකවම අධිකරණයේ බෙල්ල ගහලා යන වැඩක්. ඒ නිසා Rex non potest peccare කියලා ලතින්වලින් කියලා දාලා (ඒකේ තේරුම The King can do no wrong) කිරීටය අධිකරණයේ විෂයපථයෙන් ඉවත් කරා. පසු කාලෙක එංගලන්තය වගේ යුරෝපියානු රටවල රාජාණ්ඩු ක්‍රමය ප්‍රජාතාන්ත්‍රීයකරණය කිරීමේදී මේ තත්ත්වය නිශ්චය කෙරුණා කිරීටයට හුදෙක්ම ව්‍යවස්ථාවෙන් පැවෙරන බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විතරයි එවැනි නිදහසක් පැවෙරන්නේ කියලා.
බොහෝ විට අපි දන්නේ ජනාධිපතිවරයාට නීතියෙන් හිමිවන මුක්තිය ගැන විතරක් වුනාට අැත්තටම දේශපාලන විධායකය සහ ස්ථිර විිධායකය (රාජ්‍ය සේවය) කියන කොටස් දෙකේම තෝරාගත් පුද්ගලයන්ට මුක්තිය හිමියි. උදාහරණයක් විදියට මෑතකදී ඉදිරිපත්වුන තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත ගමු. රාජ්‍ය රහස් පනතෙන් (Official Secrets Act No 32 of 1955) කියවෙනවා රාජ්‍ය සතු තොරතුරු රාජ්‍ය නිලධාරියෙකු විසින් තුන්වැනි පාර්ශවයකට හෙළි කිරීම වරදක් කියලා. නමුත් තොරතුරු දැනගැනීමේ පනත එයින් ස්ථාපිත කරන්නට යෝජිත තොරතුරු සැපයීමේ නිලධාරීන්ට (Information Officers) මුක්තියක් ලබා දෙමින් කියනවා රාජ්‍ය රහස් පනතේ කවරක් සඳහන් වුනත් මෙයාලා රාජ්‍ය තොරතුරු ජනතාවට ලබා දීමෙන් කරන්නේ වරදක් නෙවෙයි කියලා.
ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාටත් ලෝකයේ සෙසු විධායක ජනාධිපති ක්‍රමයන් තුල වගේම මුක්තිය ලබාදී තිබෙනවා. අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ මුක්තිය නිර්වචනය කරලා තියෙන්නේ 35 වන ව්‍යවස්ථාවේ උපවගන්ති 03 කින්.
01. ව්‍යවස්ථාවේ පළමු උප වගන්තියෙන් කියනවා ජනාධිපතිවරයා ලෙස ධූරය දරන කිසිම අයෙකු පෞද්ගලිකව හෝ නිල තත්ත්වයෙන් කරන හෝ නොකරන කිසිම ක්‍රියාවක් සම්බන්ධයෙන් කවරම හෝ අධිකරණයකවත් විනිශ්චය සභාවකවත් නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම කළ නොහැකියි කියලා.
02. දෙවැනි උප වගන්තියෙන් සිවිල් හෝ අපරාධ වැරදි සම්බන්ධයෙන් නඩු පැවරිය යුතු කාල රාමුව ජනාධිපතිවරයා සම්බන්ධයෙන් වන චෝදනාවලට අදාළ නොවන බව කියනවා. උදාහරණයක් විදියට පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් කඩවීමකදි ඒ පුද්ගලයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහනයක් බලාපොරොත්තු වෙනවා නම් අදාළ සිද්ධීය සිදුවෙලා දින 30 ක් යන්නට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක්. අපි හිතමු රාජ්‍ය නිලධාරියෙක් ඔබේ අයිතිවාසිකම් කඩකරනවා. ඔබ අධිකරණය ඉදිරියට යන්න පෙර ඔහු රටේ විධායක ජනාධිපති වෙනවා. දැන් 35(1) ට අනුව ඔබට බැහැ මූලික අයිතිවාසිකම් නඩුවක් අාරම්භ කරන්න. නමුත් 35(2) වගන්තිය ඔබට නිදිහස දෙනවා අර පුද්ගලයා ජනාධිපතිධූරය දරලා අවසන්ව නැවත සිවිල් පුද්ගලයෙකුගේ තත්ත්වයට පත්වුනායින් පසුව ඔහුට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුව අාරම්භ කරන්න.
03. තුන්වැනි උපවගන්තියේ සඳහන් වෙනවා ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ අැමති තනතුරක් දරමින් ඒ අැමති තනතුරට හිමි කාර්යයන් ඉටු කිරීමකදී හෝ නොකර හැරීමකදී අන්න එවැනි ක්‍රියාවක් අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළ හැකි බව. නමුත් මෙතැනදීත් වෙන්නේ ජනාධිපතිවරයා අැමති තනතුරක් දරමින් කළ/නොකළ ක්‍රියාවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට විරුද්ධව නඩු පැවරීමට ඉඩ දීම පමණයි.
දැන් නීතිය සම්බන්ධයෙන් ඊලඟ වැදගත්ම ගැටලුව මතු වෙන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තිස්ස අත්තනායක මහතාට ජනාධිපතිවරණයක් අාසන්නයේ කැබිනට් අැමති තනතුරක් දීම අල්ලස් වරදක්ද? නැද්ද? කියන කාරණය. අපි පොඩ්ඩකට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියන එක අමතක කරමු, දැන් ඔහු හුදෙක් ජනාධිපතිධූර අපෙක්ෂකයෙක් විතරයි, ජනාධිපතිවරණය ඔන්න මෙන්න තියලා ඔහු තිස්ස අත්තනායකට තනතුරක් දෙනවා. ඒක පැහැදිලිවම අල්ලස් වරදක්.
ජනාධිපතිවරණයක් සම්බන්ධයෙන් අල්ලස් වැරදි නිර්වචනය කිරීම ලංකා නීතිය තුල සිදුකරලා තියෙන්නේ 1981 අංක 15 දරණ ජනාධිපතිවරණ පනතින්. මේ පනතේ 79 වන වගන්තියේ උප වගන්ති 09 ක් හරහා අතිශය දීර්ඝව සහ පුලුල්ව අල්ලස කියන වරද අර්ථනිරූපනය කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මේ අැතිවෙලා තිබෙන තත්ත්වයට මූලිකවම අදාළ වන උප වගන්තිය උපුටා ගැනීම මෙහෙමයි.
79. පහත සඳහන් තැනැත්තන් අල්ලස් වරදට වරදකරුවන් ලෙස සලකනු ලැබිය යුතුය : -
...
(අා). මේ පනත යටතේ වූ යම් තෝරා පත්කරගැනීමක දී ඡන්දය දීමට හෝ ඡන්දය දීමෙන් වැලකී සිටීමට යම් ඡන්ද හිමියෙකු පෙළඹවීම සඳහා තමා විසින් හෝ තමා වෙනුවෙන් වෙනත් යම් තැනැත්තෙකු මගින් ඒ ඡන්ද හිමියාට හෝ ඒ ඡන්ද හිමියා සඳහා හෝ ඒ ඡන්ද හිමියා වෙනුවෙන් යම් තැනැත්තෙකුට හෝ යම් තැනැත්තෙකු සඳහා හෝ වෙනත් යම් තැනැත්තෙකු සඳහා නියම ලෙස හෝ අනියම් ලෙස, යම් නිලයක්, තනතුරක් හෝ රක්ෂාවක් ලබා දෙන හෝ ලබා නොදෙන, හෝ දීමට නැතහොත් ලබාදීමට එකඟ වන, හෝ අර්පනය කරන හෝ පොරොන්දු වන හෝ ලබාදීම නැතහොත් ලබාදීම පිණිස උත්සාහ කිරීමට පෙරාෙන්දු වන හෝ යම් ඡන්ද හිමියෙකු ඡන්දය දී තිබීම හෝ ඡන්ද දීමෙන් වැලකී සිටීම හේතුකොට ගෙන ඉහත කී යම් ක්‍රියාවක් දූෂිත ලෙස කරන සෑම තැනැත්තෙක් ;
...
අදාළ මන්ත්‍රීවරයා ජනාධිපතිවරණයේදි සහයෝගය දෙන්නේ කුමන ජනාධිපති අපේක්ෂකයාටද කියන කාරණය වෙනස් කරන්න ඔහුව අැමතිකෙනෙක් වශයෙන් පත්කිරීම බලපෑවා නේද කියන සාධාරණ සැකය කෙනෙකුට අැතිවෙනවනම් එය අල්ලස් වරදක් යටතට දාන්න පුලුවන්. අධිකරණ අැමති විජයදාස රාජපක්ෂ හිතන්නෙත් එහෙමයි.
'එයා ඒ පැත්තට ගිහිල්ලා කිව්වේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ යන්ත්‍රණයේ ස්විච් එක ඕෆ් කරලා ආවේ කියලා' ජනාධිපතිවරණයක් ප්‍රක...
Posted by BBC Sinhala - සංදේශය on Tuesday, April 21, 2015
දැන් මෙතන තමයි අර්බුදය අැත්වෙන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බැලූ බැල්මට අල්ලස් වරදක් සිදුකරලා තියෙනවා. නමුත් එහෙමයි කියලා ඔහුව විනිශ්චය සභාවක් ඉදිරියට ගෙනියන්න පුලුවන්ද? ජනාධිපතිවරයෙක් වශයෙන් ඔහුට තිබූ මුක්තිය මෙතනට අදාළ වෙනවාද? තිස්ස අත්තනායක අමාත්‍ය මණ්ඩලයට පත් කරලා තිබෙන්නේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානයා විදියට හිටපු ජනාධිපතිවරයා තමන් සතුව තිබූ විධායක බලය භාවිතා කරලා නිසා ඒක මුක්තියට යටත් විධායක ක්‍රියාවක් නෙවෙයිද? මහින්ද රාජපක්ෂ දුන්නේ අල්ලසක් නම් මෙෙත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහට දුන්නේ තෑගි ද? So on and so forth
ජනාධිපතිවරයෙකුගේ මුක්තිය පිළිබද මගේ අවබෝධය මෙහෙමයි. මම මෙතනින් එහාට කියන කරුණු කිසිවක් ලංකාවේ ජනාධිපතිධූරය සම්බන්ධයෙන් වන න්‍යායික කරුණු නෙවෙයි. මේවා සියල්ලම වෙනත් රටවල සිද්ධීන් අැසුරින් මම ගොඩනගා ගත්ත අදහස්.
නූතන ප්‍රජාතන්ත්‍රවාදය තුල ජනාධිපතිවරයෙකුට හෝ විධායක බලය හොබවන්නෙකුට මුක්තිය ලබා දීමේ හේතුව සිය ධූරයේ බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමන්ට දවසක පුද්ගලිකව වගවීමට සිදුවේවිද කියන බියෙන් ඔහුව නිදහස් කිරීම (Ensuring that the President need not to fear for the personal liability for acts of office). උදාහරණයක් විදියට යුද්ධයක් ප්‍රකාශ කර පවත්වාගෙන යාමෙන් පසුකාලීනව තමන් අපරාධකාරයෙක් වේවිද කියන බය ජනාධිපතිවරයාට තිබෙනවා නම් ඔහු කවදාවත් යුද්ධයක් කරන්නේ නැහැනේ.
ඊලඟට වැදගත්ම කාරණය තමයි මුක්තිය හිමිවන්නේ ජනාධිපතිධූරය දරන පුද්ගලයාට නෙවෙයි ඔහු විසින් දරන ජනාධිපති තනතුරට. ඒක වැඩිදුරටත් පැහැදිලි කරනවා නම් මෙහෙමයි. අපි හිතමු ඔන්න පුද්ගලයෙක් ජනාධිපති ධූරයට පත්වෙනවා. එයා පත්වුනාට පස්සේ අැතිවෙන අවශ්‍යතාවයක් තමයි කැබිනට් මණ්ඩලයක් පත්කිරීම. ඒක ව්‍යවස්ථාවෙන්ම ඔහුට පැවරෙන පැහැර නොහැරිය යුතු වගකීමක්. විධායක ජනාධිපතිධුරයේ ක්‍රියාවක් හෙවත් A duty of the office of the President / A Presidential act / An official act. ඔහු ඒක කරනවා. කරන්නේ හුදෙකලා පුද්ගලයෙක් වශෙයන් නෙවෙයි රටේ ජනාධිපති වශයෙන්.
තවත් අවස්ථාවක ජනාධිපතිධූරය දරද්දිම මේ පුද්ගලයා ස්ත්‍රී දූෂණයක් සිදු කරනවා. එවැන්නක් කරන්න ඔහුට කිසිම අවස්ථාවක ව්‍යවස්ථාවෙන් කියලා නැහැනේ. ඒ නිසා ඒක ජනාධිපතිධූරය දරන්නාගේ පුද්ගලික ක්‍රියාවක් - හෙවත් සිවිල් ක්‍රියාවක් / A non-presidential act. දැන් මුලින් කියපු සිද්ධියට මුක්තිය හිමියි. නමුත් දෙවැනි සිද්ධියට මුක්තිය හිමි නැහැ. නමුත් ලංකාවේ නීතිය මෙතැනදි සුවිශේෂී බව සඳහන් කළ යුතුමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තියේ පළමු උප වගන්තිය දිහා අවධානය යොමු කළොත් ඔබට පැහැදිලි වේවි එහි පැහැදිලිවම දක්වලා තිබෙනවා ජනාධිපතිවරයෙකුට හිමි මුක්තිය ඔහු "පෞද්ගලිකව හෝ නිල තත්ත්වයෙන්" සිදුකරන/නොකරන කාර්යයන්ට අදාළවන බව.
ලංකාවේ නීතිය තුල මෙවැනි අවස්ථාවන්ට පූර්වාදර්ශ නැති නිසා අපිට අනිවාර්යයෙන්ම කරන්න සිදුවෙන දෙයක් තමයි වෙනත් නීති පද්ධතිවල පූර්වාදර්ශ සලකා බැලීම. අපිට ඒ විදියට සලකා බලන්න පුලුවන් අැමරිකානු නීති පද්ධතිය. පෝලා ජාේන්ස් කියන කාන්තාව අැමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ට එරෙහිව ලිංගික අතවර කිරීම කියන චෝදනාව යටතේ නඩු පවරනවා. මේක ඉතාම කුප්‍රකට සිද්ධියක්. ඒ වගේම එය අැමරිකානු අධිකරණ ඉතිහාසයේ අතිශය තීරණාත්මක නීති කෘත්‍යයක් (A landmark case) නඩුව Clinton v. Jones, 117 S. Ct. 1636 (1997).
ධූරය දරණ ජනාධිපතිවරයාට වුව සිවිල් වැරදි සම්බන්ධයෙන් මුක්තියක් නොමැත කියන අාන්දෝලනාත්මක තීරණයට එළැඹෙන අැමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති බිල් ක්ලින්ටන් අධිකරණය ඉදිරියට කැදවන්න තීරණය කරා. ජනාධිපතිධූරයේ කටයුතු අවසන්වන තෙක් නඩුව ප්‍රමාද කරමින් මුක්තියක් ලබාදියයුතුයි (ඉහත 35(2) වගන්තිය මෙන්) කියන අදහසත් අැමරිකානු අධිකරණය ඒ අවස්ථාවේ ප්‍රතික්ෂේප කළා. ඔබට ඒ අනුව පැහැදිලි විය යුතුයි නීතියේ පිළිගත හැකි පූර්වාදර්ශයන්ට අනුව ජනාධිපතිවරයෙකුගේ මුක්තිය ඔහු කරන නිල කාර්යයන්ට පමණක් බලපාන්නක් බව.
ඊලඟ කාරණය අතිශය සුවිශේෂීයී. ජනාධිපතිවරයෙකුගේ නිල කාර්යයන් සම්බන්ධයෙන් වුනත් ඔහුට මුක්තිය අහිමිවන සංකීර්ණ අවස්ථාවක් මුක්තිය පිළිබද න්‍යායයේ සදහන්. ඒතමයි ජනාධිපතිවරයෙක් ඔහුගේ ධූරයේ බලතල අනර්ථකාරී අදහසකින් යුතුව භාවිතා කිරීම හෝ අයුතු ලෙස භාවිතා කිරීම හෝ ඔහුගේ බලතල හෝ විෂයපථය නොවන ක්‍රියාකාරකම්වලට මැදිහත් වීම තුල (such as when he has acted with malice and in bad faith, or beyond the scope of his authority or jurisdiction.) ඔහුට ඒ ක්‍රියාව සම්බන්ධයෙන් මුක්තිය අහිමි වන බව.
ඊලඟ කාරණය අතිශය සුවිශේෂීයී. ජනාධිපතිවරයෙකුගේ නිල කාර්යයන් සම්බන්ධයෙන් වුනත් ඔහුට මුක්තිය අහිමිවන සංකීර්ණ අවස්ථාවක් මුක්තිය පිළිබද න්‍යායයේ සදහන්. ඒතමයි ජනාධිපතිවරයෙක් ඔහුගේ ධූරයේ බලතල අනර්ථකාරී අදහසකින් යුතුව භාවිතා කිරීම හෝ අයුතු ලෙස භාවිතා කිරීම හෝ ඔහුගේ බලතල හෝ විෂයපථය නොවන ක්‍රියාකාරකම්වලට මැදිහත් වීම තුල (such as when he has acted with malice and in bad faith, or beyond the scope of his authority or jurisdiction.) ඔහුට ඒ ක්‍රියාව සම්බන්ධයෙන් මුක්තිය අහිමි වන බව.
දැන් නැවත අපේ වර්තමාන තත්ත්වයට යමු. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයක් ප්‍රකාශිතව තිබෙන අවස්ථාවක තිස්ස අත්තනායකට කැබිනට් අැමති තනතුරක් දීම තමන්ට විධායක ජනාධිපතිවරයා වශයෙන් තිබෙන බලතල ඉක්මවා අනර්ථකාරී /අයුතු ලෙස කටයුතු කිරීමක්ද ? නැද්ද? පිළිතුර ඔව් නම් මහින්ද රාජපක්ෂට මුක්තිය අහිමියි. පිළිතුර නැත නම් ඔහුට මුක්තිය හිමියි. ඉතින් කවුද ඒක එහෙම තනතුරක් දීම අයුතු ලෙස කටයුතු කිරීමක්ද නැද්ද කියන ප්‍රශ්නයට උත්තර දිය යුත්තේ? හරිම සිම්පල් - ශ්‍රේෂ්ඨාධිකරණය.
අපි දැනගත යුතු වැදගත්ම කාරණයක් තමයි ලෝකයේ ජනාධිපතිවරුන්ට මුක්තියක් ලබාදීලා තියෙන්නේ සාමාන්‍ය අධිකරණ පද්ධති සහ විනිශ්චය සභාවන්ගෙන් පමණයි කියන එක. ඒ හැර ජනාධිපතිවරයා ධූරයේ බලතල ක්‍රියාත්මක කරමින් කරන අයථා හෝ දූෂීථ ක්‍රියාවක් මත ඔහු වැරදිකරු කළ හැකි සම්මත පිළිගත් තවත් ක්‍රමයක් තිබෙනවා. ඒ තමයි දෝෂාභියෝගය. සාමාන්‍ය අධිකරණ පද්ධතියක් තුල ජනාධිපතිවරයාගේ නිල කාර්යයන් ප්‍රශ්න කරන්න බැරිවුනත් මෙතනදි ව්‍යවස්ථාදායකයට අධිකරණයක් වශයෙන් හැසිරෙමින් ඒක කරන්න පුලුවන්. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව මෙවැනි අවස්ථාවක සෘජුවම ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිට එල්ලවන චෝදනා විභාග කරන්න මැදිහත් වෙනවා. නමුත් ඉතින් රටේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියන ආයතන අතර පැවතිය යුතු සංවරණ සහ තුලනය බිදවැටුන රටක මේක කොයිතරම් ප්‍රායෝගික නැති සංසිද්දියක්ද කියන දේ අපි හැමෝම දන්නවා.
0 comments: