ගබ්සාව - අනපේක්ෂිත ගැබ්ගැනීම්වලට නන්දිකඩාල් විසඳුමක්
පසුගිය සති අන්තයේ දවසක මම බ්ලොග් කිහිපයක් එකින් එක කියවමින් ඉන්න අතරේ දැක්කා සුරක්ෂිතව සහ නීත්‍යානුකූලව ගබ්සා සිදුකර ගැනීමේ අයිතිය දිනා ගනිමු කියන නමින් පවත්වාගෙන ගිය බ්ලොග් අඩවියක්. මේක කරන්නේ කවුද කියලා එහි කිසිම සඳහනක් තිබුනේ නැහැ. කවුරුන් නමුත් ඒ පිටුපස සිටින පුද්ගලයාගේ හෝ පුද්ගලයන් කණ්ඩායමේ අරමුණ "ගබ්සා අයිතිවාසිකම් ගැන අන්තර්ජාතික ප්රමිතීන් ගැන ශ්‍රී ලාංකීය කාන්තාව දැනුවත් කිරීම" බවත් එහිම කියා තිබුනා.
අැත්තටම අැයි මිනිස්සු ගබ්සාව විසඳුමක් විදියට දකින්නේ? ඒක අැත්තටම විසඳුමක් ද? සෞඛ්යාරක්ෂිත ලෙස කලලයක් ගබ්සාකිරීම සඳහා නීතියෙන් ඉඩ තිබිය යුතුයි කියලා තර්ක කරන බොහෝ දෙනෙක් කියන්නේ කාන්තාවන්ට එ් හරහා අනපේක්ෂිත ගැබ්ගැනීම්වලින් නිදහස් වීමේ අවස්ථාව ලැබෙන බව.
ඒ වගේම දරුවෙකු බිහිකිරීමේ සමස්ත බර කන්දරාවම දරණ කාන්තාවට අැයගේ සිරුර සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතියක් තිබෙන බවත් කියැවෙනවා. මම ඒ අයිතිය කිසිසේත්ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් දරුවෙකු බිහිකරනවාද නැද්ද යන්න තීරණය කිරීමට කාන්තාවට අැති අයිතිය අැය ක්‍රියාත්මක කළ යුත්තේ ගබ්සාව හරහාද? ජීවිතයක් බවට පත්වීමේ හැකියාව සහිත කලලයක් විනාශකිරීමෙන්ද?
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ථාවන්ට අනුව වසරකට ලෝකය පුරා කාන්තාවන් මිලියන 200 ක් ගැබ්ගැනීම්වලට ලක් වෙනවා. මෙයින් මිලියන 80 ක් පමණ - ඒ කියන්නේ දළ වශයෙන් 40% ක් පමණ අනපේක්ෂිත ගැබ්ගැනීම් (Unplanned pregnancies). මේ අනපේක්ෂිත ගැබ්ගැනීම්වලින් මිලියන 20 ක් පමණ ගබ්සාව හරහා අවසන් වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වා තිබෙනවා. මේ ගබ්සා මිලියන 20 ක පමණ ප්‍රමාණයෙන් අවම වශයෙන් මිලියන 10.5 ක් (මෙතැනදි නිල වශයෙන් වාර්තා නොවනු ගබ්සාවන් සංඛ්‍යාවත් එක්ක මේ සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකියි.) සිදුවන්නේ අාසියාවේ.
The Point: අනාරක්ෂිත ගබ්සාවන්ගෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුව තිබෙන්නේ ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය දැනුම සහ අයිතිවාසිකම් ප්‍රචලිත නොමැති, විධිමත් අධ්‍යාපනය තුළ එම දැනුම හිඟ සහ එවැනි කාරණා දැනගතහැකි බාහිර මාර්ග නොමැති අාසියාවේ.
වෙෙද්‍ය J.D. සිරිසේන මහතා විසින් 1996 වර්ෂයේදී Kandy Medical Journal වෙත ලියන ලද Unintended Pregnancies and use of contraceptives පර්යේෂණ ලිපියට අනුව ලංකාවේ ගැබිණි මව්වුරුන්ගෙන් 32% ක් තම ගැබිණිභාවය අනපේක්ෂිත එකක් වශයෙන් සලකා තිබුනා.
ඒ වගේම දරුවෙකු බිහිකිරීමේ සමස්ත බර කන්දරාවම දරණ කාන්තාවට අැයගේ සිරුර සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතියක් තිබෙන බවත් කියැවෙනවා. මම ඒ අයිතිය කිසිසේත්ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් දරුවෙකු බිහිකරනවාද නැද්ද යන්න තීරණය කිරීමට කාන්තාවට අැති අයිතිය අැය ක්‍රියාත්මක කළ යුත්තේ ගබ්සාව හරහාද? ජීවිතයක් බවට පත්වීමේ හැකියාව සහිත කලලයක් විනාශකිරීමෙන්ද?
more than 10.5 million
of abortions in the world are happening in Asia
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ථාවන්ට අනුව වසරකට ලෝකය පුරා කාන්තාවන් මිලියන 200 ක් ගැබ්ගැනීම්වලට ලක් වෙනවා. මෙයින් මිලියන 80 ක් පමණ - ඒ කියන්නේ දළ වශයෙන් 40% ක් පමණ අනපේක්ෂිත ගැබ්ගැනීම් (Unplanned pregnancies). මේ අනපේක්ෂිත ගැබ්ගැනීම්වලින් මිලියන 20 ක් පමණ ගබ්සාව හරහා අවසන් වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වා තිබෙනවා. මේ ගබ්සා මිලියන 20 ක පමණ ප්‍රමාණයෙන් අවම වශයෙන් මිලියන 10.5 ක් (මෙතැනදි නිල වශයෙන් වාර්තා නොවනු ගබ්සාවන් සංඛ්‍යාවත් එක්ක මේ සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකියි.) සිදුවන්නේ අාසියාවේ.
The Point: අනාරක්ෂිත ගබ්සාවන්ගෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුව තිබෙන්නේ ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය දැනුම සහ අයිතිවාසිකම් ප්‍රචලිත නොමැති, විධිමත් අධ්‍යාපනය තුළ එම දැනුම හිඟ සහ එවැනි කාරණා දැනගතහැකි බාහිර මාර්ග නොමැති අාසියාවේ.
32% of pregnancies
in Sri Lanka are unexpected
වෙෙද්‍ය J.D. සිරිසේන මහතා විසින් 1996 වර්ෂයේදී Kandy Medical Journal වෙත ලියන ලද Unintended Pregnancies and use of contraceptives පර්යේෂණ ලිපියට අනුව ලංකාවේ ගැබිණි මව්වුරුන්ගෙන් 32% ක් තම ගැබිණිභාවය අනපේක්ෂිත එකක් වශයෙන් සලකා තිබුනා.
The Point: ලංකාව තුළ ඉහත කී පර්යේෂණය සිදුවන අවස්ථාව වනවිට ගැබිණි කාන්තාවන්ගෙන් 32% ක් අනපේක්ෂිත ගැබ්ගැනීම් වලකාගැනීමේ ක්‍රම පිළිබඳ නොදන්නා හෝ එ ක්‍රමවලට නිසි පරිදි ප්රවේශවීමට නොහැකිවූ අයවලුන්ය.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෙෙද්‍ය විද්‍යා පීඨය විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව වැඩිම ගබ්සාවන් ප්‍රමාණය වන ගැබ්ගැනීම් 1000 කට ගබ්සාවන් 63 ඌව පළාතෙන් වාර්තාවී අැත.මෙම අනුපාතයේ අවමය ගැබ්ගැනීම් 1000 ට ගබ්සාවන් 29 ක් වශයෙන් බස්නාහිර පළාතෙන් වාර්තා විය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතිය (UNDP) විසින් ප්‍රසිද්ධ කළ Sri Lanka Human Development Reprt ~ 2012 සහ ජන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ Poverty Indicators of Sri Lanka වාර්තාවට අනුව 2010 වර්ෂයේදී ඌව පළාතේ බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවල දරිද්‍රතා මට්ටමින් පහළ සිටින්නන්ගේ සංඛ්‍යාව පිළිවෙලින් 13.3% ක් සහ 14.5% ක්. කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පිළිවෙලින් මෙම අගය 3.6%, 3.9% සහ 6.0%.
The Point: සාපේක්ෂව අධික දරිද්‍රතාවයෙන් යුක්ත පළාත තුළ ගබ්සාවන් සංඛ්‍යාවෙන් ඉහළ අගයක් ගෙන අැත. අදාළ පළාත් තුළ අධ්‍යාපන පහසුකම් සහ අධ්‍යාපන මට්ටමද අඩු අගයක් ගතහොත් දරිද්‍රතාවය සමග නූගත්කම/අනවබෝධයද එක්වීමෙන් ගබ්සාවන්ගේ ප්‍රමාණය ඉහළ යනු අැත.
highest number of people living below the poverty level +
lowest quality of education + highest number of abortions
all 03 were reported from Uva province
පෙරකී UNDP වාර්තාවේම දැක්වෙන පරිදි 2009 වර්ෂය වනවිට ඌව පළාතේ ජනතාවගෙන් 29% කගේම උපරිම අධ්‍යාපන මට්ටම ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණකිරිමකට පමණක් සීමාවි අැත. උසස් පෙළ සමතුන්ගේ ප්‍රතිශතය 08%කි. අනෙක් අතට බස්නාහිර පළාතෙහි ප්‍රාථමික අධ්‍යාපනය පමණක් සම්පූර්ණ කළ ප්‍රමාණය 09% කි. බස්නාහිර පළාතේ අධ්‍යාපනය ලැබූවන්ගෙන් 18% ක් උසස් පෙළ සමතුන් වන අතර ඌව පළාතේ 13% ක අගයට සාපේක්ෂව බස්නාහිර පළාතේ 21% ක් සාමාන්‍ය පෙළ සමතුන්ය.
The Point: සාපේක්ෂව අවම පාසල් අධ්‍යාපන පහසුකම් සහ අධ්‍යාපන ව්‍යාප්තියක් අැති පළාත තුළ වැඩිම ගබ්සාවන් ප්‍රමාණයක් සිදුව අැත. ඒ අනුව අඩු අධ්‍යාපනය හෝ නූගත්භාවය මත අනපේක්ෂිත ගැබ්ගැනීම් ඉහළ යාමටත් ඒ හරහා ගබ්සාවන්ගේ අවශ්‍යතාවය ඉහළ යාමත් සිදුවුනා වියහැක.
90.2% women
who seek abortion are married
කොළඹ විශ්වවිද්‍යාලයේ ජනගහනවිද්යා අධ්‍යනාංශයේ ජේෂ්ඨ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා ප්‍රධාන පර්යේෂකයන් පිරිසක් විසින් සිදුකළ Contraceptive behavior of Abortion seekers of Sri Lanka නම් පර්යේෂණයට අනුව ලංකාවේ ගබ්සාවන් සිදුකරගන්නා පිරිසෙන් වැඩිම ප්‍රමාණය වයස අවුරුදු 35 - 39 අතර අය. ප්‍රතිශතයක් ලෙස එම අගය 26.8% ක්. වයස අවුරුදු 15 - 19 අතර කාන්තාවන් 2.9% ක්, 20 - 24 කාන්තාවන් 11.4% ක්, 25 29 කාන්තාවන් 25.5 ක්, 30 -34 කාන්තාවන් 22.5% ක් සහ වයස අවුරුදු 40 ට වැඩි කාන්තාවන් 10.2% ක් වශයෙන් ගබ්සාවන්ට යොමුවී තිබුනා.
විශේෂයනේම මේ සමීක්ෂණයට යොදාගත් කාන්තාවන්ගෙන් 90.2% ක්ම විවාහක කාන්තාවන්. අවිවාහක කාන්තාවන් ගබ්සාවන් සඳහා යොමුවීම 8.8% ක් පමණයි. දික්කසාද/වැන්දඹු කාන්තාවන් අතරින් ගබ්සාවන්ට යොමුවූවන් 1.0% ක් පමණක් වාර්තාවී තිබුණා. මේ සමීක්ෂණයට අනුව පවුලේ එකඳු හෝ දරුවෙකු ොනොසිටි කාන්තාවන් ගබ්සාව සඳහා යොමුව තිබුන අවස්ථා වාර්තාවී තිබුනේ 12.4% ක් වශයෙන් පමණයි. සෙසු සියල්ලම අවම වශයෙන් එක දරුවෙකු හෝ සිටි පවුල්වල කාන්තාවන්.
The Point: ගබ්සාවන් සඳහා යොමුවන කාන්තාවන්ගෙන් අති බහුතරය විවාහක කාන්තාවන්. එයිනුත් බහුතරය අවම වශයෙන් එක් දරුවෙකු හෝ ඇති අවස්ථාවක ගබ්සාවට යොමුවූවන්. ඇතැම් විට නිසි උපත් පාලන ක්‍රම භාවිත නොකිරීම තුළ අනපේක්ෂිතව සිදුවන ගැබ්ගැනීම්වලින් දරුවෙකු බිහිවීම වලක්වා ගැනීම සඳහා මොවුන් ගබ්සාව වෙත යොමුවුනා විය හැකියි.
27% of married women
has no clue on fertile period of their ovulation cycle
පවුල් සැලසුම් ක්‍රම පිළිබඳ ලංකාවේ විවාහක හෝ යම් අවස්ථාවක විවාහව සිටි කාන්තාවන්ගේ දැනුම පිළිබඳ 2007 වර්ෂයේදී ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කළ සමීක්ෂණයේ වාර්තාවට අනුව උපත් පාලන පෙති, පුරුෂ වන්ධ්‍යකරණය, කොන්ඩම් භාවිතය වැනි පූර්ව උපත් පාලන ක්‍රම පිළිබඳ ඔවුන්ගේ දැනීම විශිෂ්ඨයි. නමුත් එවැනි උපත් පාලන ක්‍රමයකින් අාරක්ෂා නොවුනු අවස්ථාවක සිදුවිය හැකි අනපේක්ෂිත ගැබ්ගැනිම් වැලක්වීමට යොදාගත හැකි හදිසි උපත් පාලන ක්‍රම පිළිබඳ අවබෝධය තිබුනේ දැනට විවාහක කාන්තාවන්ගෙන් 34.5% කට පමණයි. විශේෂයෙන් වයස අවුරුදු 15 - 19 ත් අතර තරුණියන්ගෙන් කුමන හෝ අාකාරයක හදිසි උපත් පාලන ක්‍රම පිළිබඳ අවබෝධය තිබුනේ 1.7% කට පමණයි.
මේ වාර්තාවටම අනුව වයස 15 - 49 ත් අතර විවාහක කාන්තාවන්ගෙන් 27% කටම තම ඔසප් චක්‍රය තුළ ගැබ්ගැනීමක් සිදුවිය හැක්කේ කවර දිනවලදීද කියන කාරණය පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ වගේම කිසියම් හෝ උපත් පාලන ක්‍රමයක් භාවිතා කළ කාන්තාවන්ගෙන් 8.3% ක්ම ඒ ක්‍රම භාවිතා කර සිටියදීම තමන් ගැබ් ගැනීම නිසා පසුව ඒවා අත්හැර දමා තිබෙනවා.
The Point: ලංකාවේ කාන්තාවන් සතුව සිය ප්‍රජනන පද්ධතිය පිළිබඳ අැති අවබෝධය බොහෝසේ දුර්වල බව පැහැදිලියි. ඒ වගේම උපත් පාලන ක්‍රම නිවැරදි අාකාරයෙන් භාවිතා කිරිම පිළිබඳවත් ඔවුන් තුළ නිරවුල් අවබෝධයක් නොමැතිවීම අනපේක්ෂිත ගැබ්ගැනීම් අැතිවීමට හේතුවක්.
මීට කාලෙකට කලින්, 2009 වර්ෂයේදී නන්දිකඩාල් කලපුව අසලදි කොටි ත්‍රස්ත සංවිධානයේ නායකයා ඝාතනය කර ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට 'විසඳුමක්' දුන්න අවස්ථාවේ දකුණේ සිවිල් සමාජයේ සමහර අය ඒක හැඳින්වුවේ නන්දිකඩාල් විසඳුම කියලා. ඒ විතරක් නෙවෙයි, සාකච්ඡා, වෙනත් මානුෂීය හෝ සාධාරණ විසඳුම් තියෙද්දිත් ගහලා මරලා ෆ්ලැට් කරලා ප්‍රශ්න විසඳන්න උත්සාහ කරන බොහෝ අවස්ථාවල ඒවා නන්දිකඩාල් වර්ගයේ විසඳුම් කියලා කියන්න ගත්තා.
අනපේක්ෂිත ගැබ්ගැනීම් සම්බන්ධයෙන් ගබ්සාව නිර්දේශකිරීම කියන්නේ වෙනත් සාධාරණ සහ මානුෂීය විසඳුම් ඇති ගැටලුවකට අමු අමුවේ දෙන නන්දිකඩාල් විසඳුමක්.
මට තියන ගැටලුව මෙන්න මේකයි. අපි හිතමු යම්කිසි අවිවාහක (කවදාවත් විවාහවී නැති) කාන්තාවක් දූෂණයට ලක්වුණා කියලා. දූෂකයාට එම කාන්තාව කිසිසේත් කැමති නැහැ. ඇය ගැබ්ගෙන සිටිනවානම් ඒ දරුවා උපදිනවාට ඇය කැමති නැහැ. ඒ දරුවා ඇගේ අනාගත ජීවිතයට විශාල ගැටළුවක් විය හැකි බව ස්ථිරව පෙනෙනවා. ඒ කියන්නේ ඒ දරුවා ළමා නිවාසයක රඳවා ඇතිදැඩි කලත් මාතෘත්වයේ වගකීම තියනවා. ඇය කවදාහරි වෙනත් විවාහයකට ඇතුලත් වුනත් අර දරුවා නිසා ප්‍රශ්න ඇතිවිය හැකියි.
ReplyDeleteඒ දරුවා කලලයක් වශයෙන් සිටියදී ගබ්සා කිරීමට ඒ කාන්තාවට නීතියෙන් අවසරයක් දීම ආගමික දෘෂ්ටිකෝණ වලින් නොබලා ඇගේ පැත්තෙන් බලා අපට ගතහැකි තීරණය කුමක්ද? එය අපේ මතයක් විනා ඒ කාන්තාව අනිවාර්යයෙන් පිළිපැදිය යුතු නීතියක් නොවිය යුතුයි.
ඔබ මතු කරන කාරණය සම්බන්ධයෙන් මගේත් අවංක විශ්වාසය එවැනි අවස්ථාවක ගබ්සාව විසදුමක් වශයෙන් ගැනීමට දූෂණයට ලක්වන තැනැත්තියට ඉඩ තිබිය යුතුයි කියන එක. ඇය දරුවා උපදිනවාට කැමති නැත්නම් එවැනි දරුවෙකු එවැනි මවකට ඉපදීම දරුවාගේත් මවගේත් දෙදෙනාගේම ජීවිත දැවැන්ත සමාජ සහ පුද්ගලික අර්බුදවලට මැදිකර දැමීමක්. ඒ නිසා එවැනි අවස්ථාවක ගබ්සාව සම්බන්ධයෙන් මගේ විරෝධත්වයක් නැහැ. නමුත් එතැනදි තිරනය ගන්නේ අර කිව් දූෂණයට ලක්වූ කාන්තාවම මිස වෙන අය නොවන බවට වගබලා ගැනීම නීතියේ වගකීමක්. ඒ වගේම කලලයේ වැඩීම මවගේ ජීවිතයට තර්ජනයක් වෙනවා නම් එවැනි අවස්ථාවක ගබ්සාවට ඉඩ දෙන වර්තමාන නිතියටත් මගේ විරුද්ධත්වයක් නැහැ.
Deleteඒ පිළිතුරෙන් පසුව සමහරු හිතන්න ඉඩ තියනෙවා මම උඩින් එකක් කියලා දැන් මෙතන වෙන කතාවක් කියනවා කියලා. ඒ නිසා මගේ ලිපිය ගැන පොඩි පැහැදිලිකිරීමක් මෙතනම එක් කරන්නම්. මම උඩ ලිපියේ සංඛ්‍යා දත්ත දාලා ලිව්වේ ගබ්සාව කියන්නේ පූර්ණ විසදුමක් නොවන බව. මම ඒ ලිපියෙන් පෙන්වා දෙන්නේ නිවැරදි ලිංගික සහ ප්‍රජනන අධ්‍යාපනයත්, උපත් පාලන ක්‍රම අවබෝධයෙන් යුතුව නිවැරදිව භාවිතා කිරිමෙනුත් ගබ්සාව වැනි දරුණු ගණයේ විසදුමක් අවශ්‍යවීම විශාල වශයෙන් මගහැරවාගත හැකියි කියාලා.
බොහොම ස්තූතියි කමෙන්ටුවට. ගබ්සාව සම්බන්දයෙන් සියලු පැතිකඩ අනාවරණය කරන ලිපියක් නෙවෙයි මම ලිව්වේ. ඔබේ අදහස නිස මෙතෙක් මම සදහනක් නොකරපු, ගබ්සාව පිලිබද අලුත් කාරණයක් ගැන මෙතන කතා කරන්න අපිට පුලුවන් වෙලා තියෙනවා.
පිළිගත් කරමයකට පවුල් ජීවිතයක් ගතකරමින් දරුවන් හදා ගැනීමට ගැහැනු පිරිමි දෙපිරිසම උනන්දු වෙනවනම් ගබ්සා කිරීමේ අවශ්‍යතාවයක් මහා පරිමානයෙන් ඇති වෙන්නේ නෑ. පිළිගත් පවුල් සංස්ථාව බිඳ වැටෙමින් සමාජය අවුල් වෙන්න හේතු හොයලා ඒවට පිළියම් කිරීමත් අනිවාර්යෙන්ම වෙන්න ඕනේ. එහෙම නැතුව සමාජය අවුල් වෙන්න ඉඩ හැර උඩ බලාගෙන ඉන්න අතරේ නින්දෙන් නැගිටල වගේ ගබ්සාව ගැන කතා කරන එකේ තේරුමකුත් නෑ. ගබ්සාව පිළිගන්න බෑ. ඒක වෙනම දෙයක් ඒත් එතැන්ට යන්න බලපාන කාරනා ග්නත් කරුනු හොයාගෙන ඒව නැති කරන හැටිත් කතා කළානම් වඩාත්ම ප්‍රයෝජනවත්.
ReplyDeleteපිළිගත් පවුල් සංස්ථාව බිඳ වැටිම ගබ්සාවට අදාළ වෙන්නේ පවුල් සංස්ථාවෙන් පිට ගැහැණුන් සහ පිරිමින් පවත්වන අනියම් සබදතා හරහා ඇතිවන අනවශ්‍ය ගැබ්ගැනීම් නිසානම් ඒ ප්රශ්නය විසදිම දැවැන්ත සමාජ, ආර්ථික, දේශපාලනික ව්‍යාපෘතියක්.
Deleteමගේ අදහස ගබ්සාව කියන අවශ්‍යතාවය එන්න ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය පිළිබද තිබෙන වැරදි/දුර්වල අවබෝධය, දරිද්‍රතාවය, උපත් පාලන ක්‍රම පිළිබද නිසි දැනුවත්භාවයක් නොමැති වීම කියන කරුණ බරපතල ලෙස බලපානවා.
හා උඹ හෙනං අලුතෙන් බොග දාන්න ඇවිල්ලා මේවයි ලියන්නේ නේ? මේවා ලියන්න එපා බං. උඹ කෝච්චර ඇත්ත කිව්වා වුනත් මේ රසික හාමුදුරුවන්ට, අජිත්ට හෙම සංඛ්‍යා ගනං හිලව් දකිනකොට පලු දානවා. උඹ ඕං ඔහේ වෙන කුනුහරපයක් ලියං හිටහං.
ReplyDeleteඉතිං අපට පාන් ද?
පාන් කාරයා , මට පලු දාන්නේ මොකටද ගණන් හිලව් දකින කොට ?
Deleteදැං ඔය ගබ්සාව නීතිගත කොරාම ඒකෙන් අතුරු පුරස්න එන්නේ නැතයෙි? ගබ්සාව කරගන්න ගෑනු කෙනාට ඇතිවන සෞඛ්‍ය පුරස්න, ගෑනිතට ගබ්සාවක් ඕන නැතත් මිනිහාට ඕන නිසා දෙකක් ඇනලා එක්කං ගිහින් ගබ්සාවක් බලෙන් කරවලා දීම, අනේ මේ ගෑනි වටේ ගිහින් සල්ලං වුනා මදිවට හම්බෙන්න හිටිය දරු පැටියවත් මරා ගත්තා කියලා කටහැකර ගැහැනු කියන කතා අහන් ඉන්න සිදුවීම වගේ එව්වා වෙන්නේ නැතයෙි? අනේ බං, ගොඩක් එවුන් හිතාන ඉන්නේ නීති ප්‍රතිසංස්කරණවලින් ඉතරක් ප්‍රශ්න විසදන්න පුලුවන්ය මේ රටේ කියලා. එහෙම පුලවන් ද බං මේ අම්මට සිරි ලංකාවේ ( © මාතලන් ) තව වසර සීයකටවත්?
ReplyDeleteඉතිං අපට පාන් ද?
මේක මම අනිත් ලිපියෙත් ලිව්වා. ගබ්සාවට සහයෝගය දෙන එකේ. පෞද්ගලිකව මම ගබ්සාවට කැමති නැහැ. මට ඒක පෙන්නේ ජිවිතයක් නැති කිරීමක් හැටියට. මම කැමතියි, සෝවියට් දේශයේ, කියුබාවේ එහම්ත් නැත්නම් ස්වීඩනයේ වගේ රටවල තිබ්බ හෝ තිබෙන විධිහට ලමයව භාර ගන්න තැනක් රජයෙන් හදා ඒ ලමයව උස් මහත් කරනවානම්. කාන්තාවක් දුෂණය වී දරු ගැබක් හට ගනී නම් හෝ අඩුවයස් දැරියකට ඇති වී නම් එවැනි ගබ්සාවකට මම පක්ෂයි. හැබැයි මම හිතන්නේ වැඩි තීරණය කාන්තාවට යා යුතුයි කියා. ශරීරය ඇයගේ නිසා. නමුත් පියාට ගබ්සාව අවශ්‍ය නැත්නම් එයට සහයෝගයක් තිබිය යුතුයි.
ReplyDeletehttp://nelumyaya.com/?p=2410
ඔබ කියන ඔය විවිධ රටවල තිබෙන ක්‍රමය බොහොම ප්‍රායෝගික එකක් ලෙසයි මමත් හිතන්නේ. ප්රංශයෙත් එවැනිම ක්‍රමයක් ක්‍රියාත්මක බවක් අසා තිබෙනවා. අපේ රට ආර්ථික සහ සමාජයීය අතින් තවමත් පසුගාමී රටක්නේ අජිත්. ඉතින් ඒක නිසා බොහේ ප්‍රශ්න අපිත් නොදැනම ඔඩු දුවලා. නැවත ඒවා නිවැරදි කිරීම ලේසි වෙන්නේ නෑ.
Deleteස්තූතියි.
ඇත්තටම අනවශ්‍ය ගැබ් ගැනීම් කියන කාරනේ නෙවෙයි කාන්තාවට තමන් ගැබ් ගන්නවාද නැත්ද කියන එක මුළුමනින් තීරනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඇගේ සිරුර ඇගේ අයිතිය ඒකයි වෙන්න ඕනේ. මමනම් කියන්නේ ගැබ් ගැනීම් උනාට පස්සේ ගබ්සා කරනවටත් වඩා කාන්තාව පුරුෂයා සමග ලිංගික කටයුතු වල නියැලීම කියන කාරනේ අත්‍යවශ්‍ය හා නිත්‍ය දෙයක් කියන සම්ප්‍රදායික මතයත් බැහැර කළ යුතුයි. නූතන කාන්තාවටනම් මේ වගේ ප්‍රශ්න ප්‍රශ්න නෙවෙයි.
ReplyDelete