පැරීසියේ ජර්මන් තානාපති කාර්යාලයේ රජකාරි කළ අර්නස්ට් වොන් රාත් ගේ ජීවිතයට 1938 නොවැම්බර් 08 වනදා මාරාන්තික දිනයක් විය. තානාපති කාර්යාලයට කඩා වැදුනු හර්ෂල් ගී‍්‍රන්ස්පන් නමැති යුදෙව් තරුණයෙකු විසින් පිට පිට තැබූ වෙඩි දෙකක් වොන් රාත්ගේ දිවියට අවසානය ගෙන ඒමට සමත් විය.
මීට මාස කිහිපයකට කලින් එක්තරා අවස්ථාවක මම ලංකාවේ සිවිල් සමාජ සංවිධානයක (Civil Society organization) හෙවත් ලාභ අරමුණු නොකළ සමාගමක (Non-Profit making Organization) එහෙමත් නැත්නම් රාජ්‍ය නොවන සංවිධානයක ඒත් නැත්නම් එන්ජීඕ කියලා හඳුන්වන ආයතනයක වැඩ කළා. ඒ ආයතනය මානව හිමිකම් සම්බන්ධ උද්දේශනය (Advocacy) සහ දැනුම්වත්කරණය (Awareness) කියන අංශවල වැඩකරන ආයතනයක්.